ජපානයෙන් ඇස්ටසෙනිකා දෙන පුවත ජපානය ස්ථිර ​කර නැ

107
ජපානයෙන් ඇස්ටසෙනිකා
Ads by AOL

ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට අනුව ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබාදීමට ජපානය කැමැත්ත පලකල පුවත කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරයි.

කොළඹ සිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව ඩෙිලි මිරර් පුවත්පත වාර්තා කරයි.

Ads by AOL
Sri Lankan Matrimony

නමුත් ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කරන ලද්දේ මේ රටට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල පුවත

May be an image of 2 people, people standing and text

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමට ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපති කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර…

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ.

ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිතුමා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය.

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2021-06-09

https://www.facebook.com/PMDNews/

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply