31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව විදෙස් පුවත් ජෝ බයිඩන් ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කර ගනී

අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ඇමරිකානු කොංග්‍රසය ජයග්‍රහණය නිල වශයෙන් සහතික කර තිබේ. ඒ කොංග්‍රස් ඡන්ද විමසීමෙන් ආසන 222ක් ලබා ගනිමිනි. ජයග්‍රහණය සඳහා මුළු ආසන 435න් 218ක් ලබාගත යුතුව තිබිණ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් එරට සිදුකළ කලහකාරී තත්ත්වයත් සමඟ මෙලෙස බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් “කැපිටල් ගොඩනැගිල්ල” තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර එම සිදුවීමෙන් සිව් දෙනෙක් වෙඩිවැදී මරණයට පත්විය.

මේ වනවිට අමෙරිකාවේ අග නගරය වන වොෂිංටන් නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර ඇඳිරිනීතිය කඩකළ 47 දෙනෙක් ඇතුළු 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ජෝ බයිඩන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ෆේස්බුක් හා ට්විටර් ආයතන විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ගීණුම් ක්‍රියා විරහිත කර තිබේ.

වොෂින්ටනයේ සිදු වූ කලබගෑනිය

වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.

ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.

කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්