ගිරිදර ප්‍රදේශයේ නිවෙසක නාන කාමරයේ විසි හැවිරිදි තරුණියක් දිය නාමින් සිටියදී එය ජංගම දුරකථනයකින් වීඩියෝ කරනු ලැබූ විසිනව හැවිරිදි එක්දරු පියෙකු දොම්පේ පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ සමගම මෙම ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා (21 වැනිදා) රාත්‍රි 8.30 න් පසුව මෙම තරුණිය සිය නිවසේ නාන කාමරයට ගොස් දිය නාමින් සිටියාය. ඒ අවසරයෙන් සැකකාර පියා හොර රහසේම නාන කාමරය ළඟට පිටතින් පැමිණ නාන කාමරයේ තිබෙන කවුලුව මත තම ජංගම දුරකථනයේ වීඩියෝව ක්‍රියාත්මක කොට තබා ඇත.
එම තරුණිය දිය නා අවසන් වී තුවායෙන් ඇඟ පිස ගන්නා විට වීඩියෝවක් ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ජංගම දුරකථනය දැක තිබේ. වහාම ඇය එම ජංගම දුරකථනය අතට ගන්නවාත් සමගම කෙනෙක් දිව යන ශබ්දයක් ද ඇයට ඇසී තිබේ.
මේ බව මෙම තරුණිය ඇයගේ අයියාට පැවසීමෙන් පසුව අයියා පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් එම ජංගම දුරකථනය පරීක්ෂා කර බලා මෙසේ සැකකාර පියා අත්අඩංගුවට ගැනිණි.
කපුගොඩ මාළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය පිළිබඳව දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්. රණතුංග, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.ඒ.එච්. නිරෝෂන් හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. එම්.ඩී. නිරෝෂනී යන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වති.
Leave a Reply