තාක්ෂණික යුගයකට යනව කිව්ව ආණ්ඩුව පෝළිම් යුගයකට..

85
තාක්ෂණික යුගයකට
Ads by AOL

තාක්ෂණික යුගයකට යනව කිව්ව ආණ්ඩුව පෝළිම් යුගයකට..

රට තාක්ෂණික යුගයකට, සෞභාග්‍යමත් දේශයකට ගෙනයන බවට පම්පෝරි ගසා බලයට පත්වූ පත් වූ ආණ්ඩුව

Ads by AOL
Sri Lankan Matrimony

වසර දෙකක් යාමට මත්තෙන් රට 1977 යුගයකට ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ජනතාව වේල් දෙකකට සීමා කරන ආණ්ඩුව තම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන් දීමනා ලබා දෙමින් සිටින බවත් ඇය සඳහන් කළාය.

කොළඹ  විපක්ෂ නායක කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.

“නැවතත් මේ රට 1977 තත්වයට ගෙනි යනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා අපි දැක්කා.

එදා කන්න වේලක් හොයාගන්න මිනිස්සු පෝලිම්වල හිටියා. හාල් ටිකක් මිරිස් ටිකක් එහා මෙහා ගෙනියන්න බැරි යුගයක්.

කොළඹ වීදි වල කුණු බක්කි අවුස්සලා ආහාර හොයපු යුගයක්.

ඒ විතරක් නෙමෙයි දුප්පත්කම නිසා දරුවන් පාසල් ඇරපු නැති යුගයක්. රට තාක්ෂණික යුගයකට ගෙනියනවා

රට සෞභාග්‍යමත් කරනවා කියලා බලයට ඇවිත් 1977 යුගයට රට ගෙනියන්න මේ අය අද සැලසුම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි තවත් මන්ත්‍රී කෙනෙක් කියලා තියෙනවා තුන් වේලක් කන්න බෑ දෙවේලක් කන්න රටේ ජනතාව සූදානම් වෙන්න ඕනේ කියලා.

මේ මන්ත්‍රීවරයා මෙහෙම කියන්නේ මොන පදනමක් උඩ ද අපි දන්නවා.

සාමාන්‍යයෙන් අපි සිංහලයා හැටියට මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට බත් කාල පුරුදු ජාතියක්.

මේ ආණ්ඩුවේ  අධීක්ෂණ මන්ත්‍රීවරුන් අද ජනතාවට බඩගින්නෙ ඉන්න කියනවා.

ඩ හැදිලා මැරිලා යන්න කියනවා තියෙන පහසුකම් නැති කරලා දානවා පාසල් අධ්‍යාපනය ගැන වැඩපිළිවෙළක් නැහැ

වසංගතය මර්ධනය කරන්න වැඩපිළිවෙළක් නැහැ හැබැයි අධීක්ෂණය කරන්න ඉන්න පිරිස මදි වෙලා. 

සියලුම පහසුකම් ඇතුව රජයේ ලොකු වියදමක් දරලා අධීක්ෂණ මන්ත්‍රී ධුරවලට පත් කරලා මේ රටේ ජනතාවට කන්න නැතුව ඉන්න කියනවා. ජනතාවට වේල් දෙකක් කන්න කියන ගමන් සියලුම පහසුකම් දීලා වරප්‍රසාද දීලා රටේ ජනතාවගේ මුදලින් කොහොමද අධීක්ෂණ මන්ත්‍රී වරු 50 දෙනෙක් නඩත්තු කරන්නේ කියන එකත් මේ මන්ත්‍රීවරයා වගකීමෙන් රටට කිව යුතුයි.

ඉන්ධන මිල නුදුරේදීම ඉහළ යයි – ගම්මන්පිල

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply