දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප්රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.
ඔහු ශ්රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති මෙන්ම හිටපු හමුදාපතිවරයෙකි.
සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්රියාවෙන්ම පෙන්වා ඇති බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කළේය.
ඉන්දියාවේ වරායන් 197ක් ඇති අතර ඒවා පාලනය කරන්නේද පුද්ගලික අංශයේ බව දයා රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
සබැඳි :
Leave a Reply