චීන ජාතික කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසිංහ ආරච්චිගේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරං සහ ඔහුගේ රියදුරු වන විතානගේ කැලුම් සමීර නොහොත් සුදා යන සැකකරුවන් ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.
2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි 36 හැවිරිදි චීන ජාතික කාන්තාවක් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරව හඳුනාගෙන ටික දිනක් ඔහුගේ නිවසේත්, ගාල්ල කළුවැල්ලේ තවත් නිවසකත් නතර වී සිට ඇති අතර එම කාලසීමාව තුළ මෙම කාන්තාව මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු අතින් දූෂණයට ලක්ව ඇත.
මෙම කාන්තාවට ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර දීර්ඝ කාලයක් ගතව තිබුණ ද මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුණු අතර ඇය විසින් මේ පිළිබඳ සඳහන් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි වීඩියෝවක් ද පළ කර තිබිණි.
කෙසේවෙතත් අවසානයේ නීතිපති උපදෙස් මත ඊයේ දිනයේදී මන්ත්‍රීවරයා සහ රියදුරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් පැය කිහිපයකට පසු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.
මීට වසරකට පෙර ද 16 හැවිරිදි පාසැල් දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත් අඩංගුවට පත්වූ අතර පසුව ඔහු එම පවුලේ පුද්ගලයන් බිය වද්දා තිබුණි. ආර්ථික අපහසුතා හා ආරක්ෂාවක් නොමැතිකම නිසා මෙම පවුලද බලවතෙකු හා පාතාල සම්බන්ධකම් සහිත මන්ත්‍රී වරයාව නීතියේ රැහැනට හසුකිරීමට වඩා තම ජීවිතය ආරක්ෂා කරගැනීම හොඳ බව සිතා නිහඬ විය.
මෙවර ඔහු අත්අඩංගුවට ගැනීම විදේශිකයෙකු දූෂණය කිරීමේ ප්‍රබල චෝදනාවක් වුවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නීතිපතිවරයාට දුන් නියෝගයක් අනුව නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඔහුව වහාම නිදහස් කරන ලෙසයි.
Leave a Reply