31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව දේශපාලන දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස්...

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අදාළ සිදුවීම සිදුව ඇති බව පැමිණිලිකාර පාර්ශවයේ චෝදනාවයි.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ලිඛිත දේශන මගින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ මහතා එම ලිඛිත දේශනවලින් සඳහන් කර සිටින්නේ මෙම නඩුවේ මුල් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කර තිබු දුෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල නමැත්තා විසින් බවය.

එහෙත් එම මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවර ගෙන නොමැති හෙයින් එය විමර්ශනවලදී සිදූවු බරපතළ දෝෂයක් බවද එම ලිඛිත දේශනවල සඳහන්කර තිබේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් එය නීතියට පටහැනිව ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ අධිකරණය වෙත පැවරී ඇති බලතල යටතේ විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස්කරන ලෙසද රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් අයැද සිටී.

මේ අතර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්