නාමල්ගේ දැඩි බලපෑම මත දෙවරක් නීතිඥ විභාගය ‘ෆේල්’ පුද්ගලයෙක්ට අභියාචනාධිකරණ විනිසුරුකමක්

1698
Ads by AOL

නාමල් රාජපක්ෂගේ නීතීඥයෙකු වශයෙන් කටයුතු කළ සම්පත් මෙන්ඩිස් නැමති කණිෂ්ඨ නීතීඥයෙකු, කෙලින්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීමේ උත්සාහයක් නිසා නීති ක්ෂේත්‍රය කැළඹී ඇත.

දෙවරක් නීතිඥ විභාගය අසමත් වී ඇති මෙම පුද්ගලයා රාජපක්ෂ පවුලේ ඉතා සමීපයෙන් කටයුතු කරන පුද්ගලයෙකු බව සඳහන් වේ.

Ads by AOL
Sri Lankan Matrimony

මේ පුද්ගලයාගේ එකම සුදුසුකම රාජපක්ෂලාට දාසකම් කිරීම පමණක් වන අතර, ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩුවලට පෙනී සිටි පහල මට්ටමේ නීතීඥයෙකි.

මෙවන් පුද්ගලයෙකු පත් කිරීම මගින් තමන්ට රිසිපරිදි පරිදි නඩු තීන්දු ලබා ගැනීම රාජපක්ෂලාගේ අරමුණයි. එසේම මොහු වයසින් අඩු කෙනෙකු බැවින් අවසානයේ කෙදිනක හෝ අගවිනිසුරු ලෙස පවා පත්වීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් එදාට සමස්ථ අධිකරණයම විහිළුවක් වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නීති වෘත්තිකයෝ පවසති.

රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති මිනී මැරුම් නඩු හා දැවැන්ත මූල්‍ය වංචා නඩු වලදී තීන්දු ලබාදීම සඳහා මොහුව විනිසුරුවරයා ලෙස යොදා ගැනීම අරමුණ බවද සඳහන් වේ.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply