31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන නැගෙනහිර ජැටියෙන් 49% ක් ඉන්දියාවට දෙන්නේ සදාකාලිකවමයි..

නැගෙනහිර ජැටියෙන් 49% ක් ඉන්දියාවට දෙන්නේ සදාකාලිකවමයි..

නැගෙනහිර ජැටියෙන් 49% ක් ඉන්දියාවට ලබාදීමෙන් එය සදාකාලිකම ඉන්දියාවට දීමට සමාන වන බව;
 
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
 
විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

නැගෙනහිර ජැටියෙන් 49% ක් ඉන්දියාවට..

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව
ජනාධිපති සහ ඒ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ජනාධිපති තහවුරු කරනවා මේක විකුණන්නේත් නෑ, බදු දෙන්නේත් නෑ,
හැබැයි මේක සංවර්ධනය කරනවා කියලා.
එහිදී සියයට 51 ක් ශී‍්‍ර ලංකාවට බවත් අනෙක් සියයට 49 ඉන්දියාවට බවත් කියලා තියනවා.
මේ කාවද රවට්ටන්න යන්නේ. බදු දුන්නොත් යළි රටට අයිති වෙනවා.
 
නමුත් මෙහෙම සියයට ප‍්‍රතිශතයක් දෙනවා කියන්නේ භාගයක් විකුණනවා කියන එකයි.
ඒක සදාකාලිකවමයි.
එතැනදී සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව රවට්ටා තිබෙනවා.
මේක තනිකර බොරුවක් කරන්නේ.
සංවර්ධනය කරනවා කියලා භාගයක් විකුණන්නයි හදන්නේ.
සියයට 49ක් දුන්නහම අපිට කවදාවත් ලැබෙන්නේ නෑ.
සදාකාලිකවම ඉන්දියාවේ අදානි සමාගමට අයිති වෙනවා.”
 
නැගෙනහිර ජැටියෙන් 49%
 
 
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
” මේ ආණ්ඩුව එදා බලයට එන විට කිව්වේ රජයේ සම්පත් විකුණන්නේ නෑ කියලා.
දැන් ඒ අයම තමයි මේ වගේ තීන්දුවක් අරගෙන තිබෙන්නේ. අ
පි කියන්න ඕනෑ මේකට පසුගිය ආණ්ඩුවට බෝලේ පාස් කරන්න එපා කියලා.
මොකද මේ අය කිව්වේ පහුගිය ආණ්ඩුව විකුණපුවාත් ගන්නවා කියලායි.
අපේ කාලයේ හම්බන්තොට වරාය ගත්තොත් අනූනව අවුරුදු බද්දකට ලබා දුන්නා.
නමුත් එය අවුරුදු 99ක් හරි ගිහින් අපිට ලැබෙනවා.
නමුත් මෙතනදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අපිට අයිතිවෙන්නේම නෑ.
මේ අය ආවොත් සින්නක්කරම තමයි දෙන්නේ.
අපිට මතකයි ෂැංගි‍්‍රලා හෝටලයට ඉඩම දුන්නා සින්නක්කරේටම.
මේ අය කිව්වා එදා හම්බන්තොට වරායේ ගිවිසුමත් අහෝසි කරනවා කියලා.
එහෙම කියපු අය තමයි අද මෙහෙම කරන්නේ.”
පෙර පුවත :

නැගෙනහිර ජැටිය 100% ක් වරාය අධිකාරිය සතු විය යුතුයි!

නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය සතුව පැවතිය යුතු බවට එකඟතාවයකට පැමිණීම සඳහා වෘත්තීය සමිති ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ නමුත්;

වෘත්තීය සමිතිවල එම අරමුණ ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා ප්‍රකාශ කරයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෘත්තීය සමිති එකමුතුව, නැගෙනහිර පර්යන්තය හෝ ඉන් කොටසක් හෝ විකිණීමට ඉඩ නොතබන බවට සපථ වී ඇති බවත්;

ඒ අනුව නැගෙනහිට ජැටියේ කොටසක් හෝ විකිණීමට ඉඩ නොතබන බවත් ප්‍රසන්න කළුතරගේ මහතා අවධාරණය කරයි.

අද පැවති වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණ තිබෙන්නේ නැගෙනහිර ජැටිය තවදුරටත් වරාය අධිකාරිය යටතේ පැවතිය යුතු බවටයි.

එම පදනම මත සිට ඉදිරියේදී ඕනෑම පාර්ශ්වයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි ප්‍රසන්න කළුතරගේ මහතා අවධාරණය කරන්නේ.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory