නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පවත්වා තිබෙන බව වාර්තා වේ.
පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.
නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය සතුව පැවතිය යුතු බවට එකඟතාවයකට පැමිණීම සඳහා වෘත්තීය සමිති ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ නමුත්;
වෘත්තීය සමිතිවල එම අරමුණ ඉටු නොවූ බව ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්රසන්න කළුතරගේ මහතා ප්රකාශ කරයි.
ශ්රී ලංකා වරාය අධිකාරිය වෘත්තීය සමිති එකමුතුව, නැගෙනහිර පර්යන්තය හෝ ඉන් කොටසක් හෝ විකිණීමට ඉඩ නොතබන බවට සපථ වී ඇති බවත්;
ඒ අනුව නැගෙනහිට ජැටියේ කොටසක් හෝ විකිණීමට ඉඩ නොතබන බවත් ප්රසන්න කළුතරගේ මහතා අවධාරණය කරයි.
අද පැවති වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණ තිබෙන්නේ නැගෙනහිර ජැටිය තවදුරටත් වරාය අධිකාරිය යටතේ පැවතිය යුතු බවටයි.
එම පදනම මත සිට ඉදිරියේදී ඕනෑම පාර්ශ්වයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි ප්රසන්න කළුතරගේ මහතා අවධාරණය කරන්නේ.
සබැඳි
‘වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා’- වාණිජ කර්මාන්ත වෘත්තිය සමිතිය
වරාය නැගෙනහිර ජැටිය
Leave a Reply