31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් නිමල් ලන්සාව ආරක්ෂා කරන්න මදූෂ්ව ඝාතනය කළ බවට හෙළිදරව්වක්

නිමල් ලන්සාව ආරක්ෂා කරන්න මදූෂ්ව ඝාතනය කළ බවට හෙළිදරව්වක්. දේශබන්දු තෙන්නකෝන් විසින් දැවැන්ත කුඩු ජාවාරම්කාරයන් කිහිප දෙනෙකු ආරක්ෂා කිරීම සඳහා මාකඳුරේ මදූෂ්ව මරා දමා ඇති බව Lankadawasa වෙබ් අඩවියට අනුව පැහැදිලි වේ. එම වෙබ් අඩවිය මාකඳුරේ මදූෂ් ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක වනබව ඔහු ඝාතනය වීමට දින දෙකකට පෙර වාර්තා කර තිබිණ.

ඒ අනුව මේ පිලිබඳ විමර්ශනාත්මක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අපවෙත ලබාදෙන ලද තොරතුරු මෙසේය,

“ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ගැන පොලිසියට ඔත්තු ලබා දීමට මාකඳුරේ මදූෂ් පොරොන්දු වී තිබිණ. ඒ වෙනුවට ඔහුට ලබාදෙන දඬුවම් ලිහිල් කරන ලෙස ඔහු ඉල්ලා සිටි බවද වාර්තා වේ.

මේ නිසා කලබලයට පත් වූ දේශබන්දු තෙන්නකෝන්ගේ හිතවත් කුඩු ගෙන්වන දේශාපාලක නිමල් ලන්සාව ආරක්ෂා කරන්න මදූෂ්ව ඝාතනය කරන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට පවසා ඇති බවද වාර්තා වේ. ඒ අනුව ක්‍රියාත්මක වූ දේශබන්දු තෙන්නකෝන් මීට දින කීපයකට පෙර මදූෂ්ව වහාම කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් තිබේ.

එහිදී දේශබන්දු තෙන්නකෝන් විසින් මදූෂ් දන්නා ප්‍රබලයන් පිලිබඳ විමසා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට යන බව පවසමින් ඔහුව රැගෙන ගොස් ඝාතනය කිරීමට තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට නියෝග කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන ඉතා සූක්ෂමව රැගෙන ගොස් මදූෂ්ව ඝාතනය කර තිබෙන අතර සිද්ධිය වඩාත් තාත්වික වීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද සුළු තුවාල සිදුකර තිබේ.”

මේ අනුව දේශබන්දු තෙන්නකෝන් ඉතා සූක්ෂම ලෙස ලංකාවේ මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනා ආරක්ෂා කිරීමට සමත්ව තිබේ.

Lankadawasa වෙබ් අඩවිය මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන මීට දින දෙකකට පෙර වාර්තා කර තිබූ ලිපිය පහතින්,

මීට වසර එකහමාරකට පමණ පෙර දී  යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව  රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව  1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.

එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම  රැගෙන ගියේ  කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට  මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.

කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු  පවතී.

 ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත.  දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ  නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.

ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල්  සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය. ඒත් දේශ බන්දුලා ගේ  නෙවිල් සිල්වා  ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.

ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව  ගේ ඉදිරි ආරක්ෂාව හා  රටේ පැවැත්ම නිසාමය. 

ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.

දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතයපුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.

ඒ ඉදිරියේ දී  පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය.  පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය. …

“ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”

මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

මධූෂ  කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ

“අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”

 මේ නිසා ඔහු  තවත් දින කිපයකින්  මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්