අන්තර්ජාලය ඔස්සේ වෙබ් ගිණුම් විවර කර ඔන්ලයින් ක්‍රමයට සිය නිරුවත් සිරුර හා අඟපසඟ ඒ මොහොතේ ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක් බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවන් මෙලෙස වෙබ් ගිණුම් විවර කර සිය ජංගම දුරකථන අංකය ද එහි සඳහන් කර ඕනෑ ම වයසක තරුණියක් ලබා ගැනීමේ හැකියාව ඇති බව කියමින් විවිධ වයස් මට්ටමේ තරුණියන් හෝ කාන්තාවන්ගේ රූප මෙවන් වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලයේ මුදාහැර තිබියදී හෙළිදරව් කරගෙන ඇත. පසුව එම අංකවලට කතා කරන ගනුදෙනුකරුවන් සමග කුලුපග වන මොවුන් ඉන්පසුව ගනුදෙනුකරුවන්ගේ කීම මත හෝ ඇයගේ අවශ්‍යතාව මත හෝ සිය නග්න සිරුර ඔන්ලයින් ක්‍රමයට ඒ මොහොතේ ම ගනුදෙනුකරුවන්ට පෙන්වනු ලැබේ.
ඉන් අනතුරුව ඇය සමග යහන් ගතවීමට ගනුදෙනුකරුවන් කැමති නම් ඒ සඳහා අත්තිකාරම් මුදලක් ඔන්ලයින් ක්‍රමයට ගෙවා ඇය වෙන්කරවා ගත හැකිවේ. විවිධ වයස් මට්ටමේ යුවතියන්ට එක එක මිල ගණන් පැවසෙන අතර පැයක් සඳහා ළාබාල යුවතියක සමග කාලය ගත කිරීමේ අවම මුදල රුපියල් දසදහසකි. ඉන් එහා යුවතියන්ගේ වයස් ප්‍රමාණ අනුව මිල ගණන් තීරණය කෙරේ.
මේ පිළිබඳ අවධානයෙන් පසුවූ බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඔන්ලයින් ක්‍රමයට මෙවැනි වෙබ් ගිණුමක ඉන්නා කාන්තාවන්ට කතාකොට මිල ගණන් ද තීරණය කිරීමෙන් පසු ඔවුන් විසින් කැඳවනු ලබන ස්ථානයට ගොස් ගනුදෙනුකරුවන් ලෙස හැසිරී මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට මෙවන් ‘ඔන්ලයින් සෙක්ස්’ ජාලයේ හැසිරුණු කාන්තාවන් 6 දෙනෙකු බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අදාළ වසම්වල පොලිසිවලට භාරදී ඇත.
ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ද, කොට්ටාව ප්‍රදේශයේදී කාන්තාවන් 2ක් ද, බොරැල්ල පොලිස් වසම තුළ කාන්තාවන් දෙදෙනකු ද වශයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔන්ලයින් ක්‍රමයට තම නිරුවත් සිරුර, අඟපසඟ ඒ මොහොතේ ම ගනුදෙනුකරුවන්ට පෙන්වමින් ඒ සඳහා ගෙවිය යුතු මුදල කතාබස් කිරීමෙන් පසු ඔවුන් පවසන සුපිරි හෝටලයට යා යුතුව ඇති අතර ඒ සඳහා අයවන කාමර ගාස්තුව ද ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු බවද බුද්ධි කොට්ඨාසය කියයි.
මෙවැනි ‘ඔන්ලයින් සෙක්ස්’ වෙබ් රැසක් මේ දිනවල අන්තර්ජාලය තුළ සැරිසරන බව පවසන බුද්ධි කොට්ඨාසය ඒ සියලු සිංහල තරුණියන් ඔන්ලයින් ක්‍රමයට මුදලට අලෙවි වන ස්ථාන වැටලීමට මේ වන විට නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. ප්‍රේමතිලක මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Leave a Reply