31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන නිරෝධායන නීති කුණු කූඩයට: වාසු උපන්දින පාටි දමයි

නිරෝධායන නීති කුණු කූඩයට දමා උපන්දින සාදයක් සංවිධානය කළ වාසුදේව නානායක්කාර මහතා රටටම වැරදි ආදර්ශයක් ලබාදී තිබේ.

කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා ඇත.

- Ads by AOL-
Sri Lankan Matrimony

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී ඇත.

ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව තමා වෙනුවෙන් නිර්මාණය කළ කේක් ගෙඩිය කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දැක්වේ.

නිරෝධායන නීති කුණු කූඩයට දමා භෞතික දුරස්ථභාවය පවත්වා නොගනිමින් පවත්වා ඇති මෙම උපන් දින සාදයේදී තමාට සුබ පැතීම වෙනුවෙන් ඇමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අමාත්‍යංශයේ සේවක පිරිසට ස්තුතියද පළකර ඇත.

මීට අමතරව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධම පුද්ගලයින් අතරින් කෙනෙකු වන ඔහුගේ වයස 82 කි. වාමාංශිකයෙකු ලෙස දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත නානායක්කාර මහතා 2006 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට (යූපීඑෆ්ඒ) සම්බන්ධ වූ අයෙකි.

එහිදී නගර සභාවේ විපක්ෂ නායකයා විය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස සම්බන්ධවී මෑත වනතුරුම කටයුතු කරයි.

වාසුදේව නානායක්කාර මහතාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

Image may contain: 7 people, people standing

Image may contain: 1 person, eating, table, food and indoor

Image may contain: 2 people, people standing and indoor

Image may contain: 5 people, people standing

also see

“කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ”- වාසුදේව

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්