31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ක්‍රීඩා පාකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන් ගත් මෝටර් අනතුරට ලක්වෙයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන් ගත් මෝටර් රථය ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්වුණා.

ලාහෝර් නුවරදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මලික්ට හානියක් සිදුව තිබුනේ නැහැ.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඔහු ගමන් ගත් ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මලික් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියට අදාල වැඩසටහනකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි.

මේ අතර අනතුරෙන් පසු ෂොයිබ් මලික් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

එහි ඔහු සඳහන් කර තිබුණේ මම හොඳින්, එය හුදෙක් අහම්බෙන් සිදු වූ අනතුරක්, සියලුදෙනාගේ ආදරය සහ සොයාබැලීම ගැන කෘතඥ වන බවයි.

මලික් – මිර්සා ආදර අන්දරය

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අමතරව පාකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් මලික් ලොවපුරා වඩාත් කතා බහට ලක්වුයේ ඔහුගේ විවාහය නිසාවෙනි. ඒ සුරූපී ඉන්දීය සුපිරි ටෙනිස් තරුව සානියා මිර්සා සහ හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ෂොයිබ් මලික් අතර සිදු වූ විවාහයයි. පිවිතුරු පේ‍්‍රමයට ජාති, ආගම්, කුල හෝ දේශ සීමා බෙදීම් නොමැති බව යළිත් සනාථ කරමින් මිර්සා – මලික් එක වහලක් යටට වීම ලෝකයටම පුදුම සහගත කරුණක් විය..

මනරම් පේ‍්‍රම වෘතාන්තයක අලුත්ම පර්ච්ඡේදය ගැන මාධ්‍යයට පවසමින් මිර්සා කියා තිබුණේ, එක වහලක් යටට වීම හැර මහ ලොකු වෙනසක් අපේ ජීවිතවල සිදු වෙලා නෑ. කොටින්ම අපි විවාහ වූ බවක් වත් අපට දැනෙන්නේ නෑ. වෙනදා වගේම අපි හරි සතුටින් ඉන්නවා. යනුවෙනි.

සානියා මිර්සා සහ ෂොයිබ් මලික් ගැන ලෝකය දැන ගත්තේ ඔවුන්ගේ විවාහය නිසා නොවෙති. ඒ වන විටත් ඔවුහු ක්‍රීඩා ලෝකය බැබල වූ දිදුලන තරු දෙකක් ව දිලෙමින් සිටියහ.

මාධ්‍යයට එය අලුත් ප්‍රවෘත්තියක්වී තිබුණ ද මිර්සා මලික් පේ‍්‍රම වෘත්තාන්තය දිග හැරෙන්නේ වසර 5 – 6 ක පමණය. කවරකු හෝ විසින් (අද වන විට දෙදෙනාටම අමතක ව ඇති) ඔවුන් එකිනෙකාට හඳුන්වා දීමෙන් පසු තමන් ඉපදෙන්නට ඇත්තේ ඔවුනොවුන් පතාගෙනම බව දැනෙන්නට ඇත.

මිර්සා – මලික් දෙපළට එකිනෙකා කෙරෙහි ඇති ගැඹුරු පේ‍්‍රමය මිස දේශපාලනය ඔත්තු සේවා ආගම් වාදය පවුල් ප්‍රශ්න වැනි කිසිවක් වැදගත් නොවූහ. එහෙත් ඔවුන්ගේ පේ‍්‍රමයට මේ සියල්ලක්ම නොයෙක් ආකාරයෙන් හරස් විය. දේශපාලනය ඊට හරස් වන්නේ ඉන්දියාවත් – පාකිස්ථානයත් අතර අළු යට ගිනි පුපුරු සේ පවතින නොහොඳ නෝක්කාඩු හේතුවෙනි.

දැඩි ජාතිවාදී හැඟීම් වලින් යුතු ඉන්දියානුවන් මෙන්ම පකිස්තානුවන් ද මෙවැනි විවාහයක් සිදුවනවාට කැමැති වනවා තබා එවැන්නක් ගැන සිතීමටවත් සූදානම් නැත. මිර්සා මලික් විවාහය සිදුවීමට ආසන්නව තිබියදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙළේ ඉන්දීය රෝ ඔත්තු සේවය මලික් පසු පසින් වැටී ඇති බවයි. මලික්ගේ විදෙස් ගමන් බලපත්‍රය පවා ඉන්දීය පොලිසිය තම භාරයට ගත්බවද වාර්තා විය.

මේ වාර්තා පිළිබඳ ඉන්දීය පොලිසියේ ප්‍රතිචාරය වූයේ එසේ කරන ලද්දේ කලින් ඉන්දීය ජාතික කාන්තාවක විවාහ කරගෙන තිබීම ගැන ෂොයිබ් මලික්ට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීම සඳහා එසේ කිරීමට සිදු වූ බවයි. මේ කාරණය පිළිබඳ ඉන්දීය පොලිසිය මලික්ගෙන් ප්‍රශ්න කිරීමටද කටයුතු කර තිබිණි

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්