31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වෙයි

පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වෙයි

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බවට සාක්ෂි පවතී. දයාසිරි ජයසේකර ඇමැතිවරයා සහ රවුෆ් හකීම් මන්ත්‍රිවරයා කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමෙන් පසු ඊයේ වන විට අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද, අද වනවිට වාසුදේව නානායක්කාර මහතාද කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වී තිබේ.

මෙම ආසාදිතයන් තිදෙනාගේ ළඟම ආශි්‍රතයන් ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනකු ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් පිරිසක්ද වන බව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආගිය තැන් සහ කතා බස් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් අධීක්‍ෂණය කෙරෙමින් පවතින බවද වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදනය වී ඇතැයි තමාට දැනුම් දුන් බව වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු සඳහන් කරයි.

හෙට්ටිගේ මහතා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති අතර ඔහු සභානායක කාර්යාලයට ගොස් ඇති බවත් අනතුරුව විධායක භෝජනාගාරය වෙත යෑමේදී හා ආපසු පැමිණීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමඟද කතාබහක යෙදී ඇති බව සී.සී.ටී.වී. දර්ශන මඟින් තහවුරු කර ඇතැයි වේත්‍රධාරිවරයා පවසයි.

සභානායක කාර්යාලයේ තිදෙනකු හෙට්ටිගේ මහතාගේ ළඟම ආශි්‍රතයන් බවට තහවුරුවී ඇති බව නරේන් ප්‍රනාන්දු සඳහන් කරයි.

හෙට්ටිගේ මහතාගේ ළඟම ආශි්‍රතයන් ලෙස හඳුනාගෙන ඇති මන්ත්‍රිවරුන් සිවුදෙනා අතර ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් සිටින බවද වේත්‍රධාරි විසින් තහවුරු කරන ලදී.

මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ 300 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයට භාජන කිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසාදිතයන් බවට තහවුරු වී ඇති ඔවුන් තිදෙනා පාර්ලිමේන්තුවෙන් පිටත ළඟින් ඇසුරු කර ඇති පිරිස් පිළිබඳවද සොයා බලමින් සිටින බව වාර්තා වේ.

රවුෆ් හකීම් මන්ත්‍රිවරයාගේ ළඟම ආශි්‍රතයන් 120 දෙනකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්