31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව ගොසිප් පැනපු හමුදාවේ අය හොයන්න ඇවිත් තරුණියන් දෙදෙනෙක් දුෂණය කරලා

සමාජය තුල විවිද ජාවාරම් වල නිරත වන පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටින බව අප දන්නා කරුණකි.විශේෂයෙන්ම අහිංසක පුද්ගලයින් රවටා විවිද අන්දමේ නීති විරෝදී ක්‍රියා සිදුකරන අය පිළිබඳව සමාජය වඩා සැලකිල්ලෙන් පසුවිය යුතුය.එලෙස යුධ හමුදාවෙන් පැනගිය අය ඇද්දැයි සෙවීමට පැමිණි බව පවසා නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙක් පිහියක් පෙන්වා බියගන්වා එම නිවෙස් සිටි තරුණියන් දෙදෙනා දූෂණය කර ඔවුන් පැළද සිටි රුපියල් එක්ලක්ෂ පනස්නම දහසක් වටිනා ස්වර්ණාභරණ පැහැරගෙන පළාගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තා වී තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ මහියංගනය මාපාකඩ වැව, මැදයාය ප්‍රදේශයෙනි.ඊයේ ( 25) සවස 5.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් යුධ හමුදාවෙන් පැනගිය අයෙක් මෙම නිවසේ ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පවසා නිවස පරික්ෂාකර ආපසු පිටව ගොස් ඇති බවත් යළි විනාඩි 5 කට පමණ පසු පැමිණ පිහියක් පෙන්වා බිය ගන්වා එම තරුණියන් දෙදෙනා වෙන් වෙන් වශයෙක් කාමරයකට ගෙන ගොස් දුෂණය කර රන්අභරණ කොල්ලකා පලාගොස් ඇත.

තරුණියන් දෙදෙනා අසල්වැසි නිවෙස් වල ජීවත්වන ඥාතීන් බවද අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ ගේ උපදෙස් මත මහියංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජී.කේ. විජේසේකර මහතාගේ ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්