පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලූ සිරකරුවන් අමානුෂික ඝාතනය

4257
Ads by AOL

පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලූ සිරකරුවන් අතිශය අමානුෂික ලෙස මරා දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ.

Ads by AOL
Sri Lankan Matrimony

පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා මූලික පහසුකම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඉරිදා (2020 නොවැම්බර් 29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවට පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඉරිදා පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් ඔහු පැවසීය.

මේ විරෝධතා ඇතිවෙන්නේ නිසි කොරෝනා පාලන ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති කම නිසා කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා බවත් පවතින කොරෝනා වසංගත තත්වය තුළ පිටතින් අහාර පාන රැදවියන්ට නොලැබෙන තත්වයක් තුළ ඔවුන්ට බන්ධනාගාර තුළ ආහාරපාන හිඟකම නිසා බවත් ඔහු පැවසීය.

“ඔක්කොම තුවක්කුවට වෙඩිල්ලට කරන්න පුළුවන් කියල හිතන එක වැරදියි. අද මේක බන්ධනාගාර ඇතුළේ සිද්ද වුනාට මේක එළියටත් එනවා. මේක භයානක පෙරනිමිත්තක්. මේ කසකාරයෙක් විතරයි මේක එලියට එන්න වැඩිකාලයක් ගතවෙන්නේ නෑ,” යනුවෙන් නිතීඥ සේනක පෙරේරා වැඩිදුරටත් පැවසීය.

පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලූ සිරකරුවන් අමු අමුවේ මරා දැමීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ. එහි අතිශය සංවේදී දර්ශන අප වෙත ලැබී තිබේ. ඒවා පහතින්,

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply