පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා එන්නත් දෙක එකම දවසේ දීලා!

89
පේරාදෙණියේ කාන්තාවකට
Ads by AOL

පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා එන්නත් දෙක එකම දවසේ දීලා!

පේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට මොඩර්නා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම එකම දිනයකදී ලබා දී ඇති බව වාර්තා වේ.

Ads by AOL
Sri Lankan Matrimony

අදාල කාන්තාව රෝගී වීම නිසා මේ වනවිට පේරදෙනිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

පේරාදෙනිය ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා උඩපේරාදෙනිය යොවුන් සේනාංක මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ.

එකම හෙදියක විසින් එන්නත් මාත්‍රා දෙකම සිය බිරිඳට ලබාදුන් බවයි ඇයගේ ස්වාමියා පවසන්නේ.

ඉන් අනතුරුව ඇය එම ස්ථානයේදීම ‍රෝගී වී ඇති අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදීමෙන් පසුව නිවසට කැඳවාගෙන යන්නැයි උපදෙස් ලබා දී තිබේ.

නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේදී අදාල කාන්තාව නැවතත් රෝගී වී ඇති අතර ඉන්පසු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබේ.

මේ වනවිට අදාල සිදුවීම සම්බන්ධයෙන් පේරා‍දෙණිය පොලීසියේ පැමිණිල්ලක්ද සිදුකර තිබේ.

සබැඳි : ඔන්න මම තමයි කලුතරට එන්නත් අරන් දුන්නේ…

පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා එන්නත් දෙක එකම දවසේ දීලා!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply