පොහොට්ටුව ගැන කළකිරුණු ජයසූරිය රට හැර යාමට සූදානම් වේ.

359
පොහොට්ටුව ගැන කළකිරුණු
Ads by AOL

පොහොට්ටුව ගැන කළකිරුණු ජයසූරිය රට හැර යාමට සූදානම් වේ.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා රට හැර යාමේ සූදානමින් පසුවන බව දැනගන්නට ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සදහා කිසිදු පාර්ශ්වයකින් ආරාධනා නොලැබීම හේතුකොටගෙන ජයසූරිය මේ දිනවල දැඩි කලකිරීමකින් පසු වෙයි.

එමෙන්ම මේ වනවිට ජයසූරිය හට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයක පුහුණුකාර ධූරය බාරගන්නා ලෙසට ආරාධනාවක්ද ලැබී ඇත.

ඒ සමගම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමටද යෝජනා වී ඇති බව පැවසේ.

ඒ අනුව ජයසූරිය බොහෝ දුරට සිය පවුල සමගින් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ සූදානමකින් පසුවන බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද ජයසූරිය ප්‍රසිද්ධියේම පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ.

සබැඳි : සුපිරි පිතිකරු සනත් ජයසූරිය යළිත් ක්‍රිකට් පිටියට එයි

පොහොට්ටුව ගැන කළකිරුණු ජයසූරිය රට හැර යාමට සූදානම් වේ.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply