බදියුදීන් නිවසේ දිවි නසා ගත් දැරියට සාධාරණය ඉටු කරන්න – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය

133
බදියුදීන් නිවසේ දිවි
Ads by AOL

බදියුදීන් නිවසේ දිවි නසා ගත් දැරියට සාධාරණය ඉටු කරන්න – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමු වී තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

එම සන්ධානයේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වේලු කුමාර් යන මන්ත්‍රීවරුන් මේ සඳහා එක්ව සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ

නිවසේ සේවය කරමින් සිටියදී ගිනි තබාගෙන සියදිවි හානි කරගත් බාල වයස්කාර දැරිය සම්බ්න්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

අදාල දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර දූෂණයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර;

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බදියුදීන් මන්ත්‍රීවරයාගෙන්ද සාක්ෂි ලබාගැනීමට නියමිතව තිබේ.

පෙර පුවත් : පාඨලී ට සජබ තුළ නියම තැන ලැබිලා නෑ – මනෝ, ඉහළ තැනක් ගැන සාකච්ඡා – මහ ලේකම්

බදියුදීන් නිවසේ දිවි නසා ගත් දැරියට සාධාරණය ඉටු කරන්න – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply