නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉරානි ගංගා වාගිස්ට ආරච්චි බලය අවභාවිතාව නිසා ෆීජියෙන් කිරීමට කටයුතු කර තිබේ. එරට අධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරී කටයුතු කළ සමයේදී සිදු කරන ලද මෙම බලය යුතු ලෙස පාවිච්චි කිරීම සිදු කර ඇති අතර ඒ අනුව ඇයව 2011 වසරේ දී ෆීජි රටෙන් පිටුවහල් කර ඇත.
ෆීජී අධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෙස බලය අපයෝජනය කිරීමේ චෝදනාවක් මත පැය 24ක් ඇතුළත එරටෙන් පළවා හරින ලද තැනැත්තියක මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීමට නාමයෝජනා කර ඇති බව අනාවරණය වේ.
නීතිපතිවරයා විසින් එම නම යෝජනා කර ඇති අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවද එය අනුමත කර ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉරානි ගංගා වාගිස්ට ආරච්චි මෙම තනතුරට යෝජනා කර තිබේ.
ෆීජී රටේ සේවය සඳහා ඇය 2010 වසරේදී ගොස් ඇති අතර, 2012 සැප්තැම්බර් 10 වැනිදා එරටින් බැහැර කර තිබේ. ඉන්පසුව ලංකාවට පැමිණ නැවත නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන අතරතුර මහාධිකරණ විනිසුරුවරියක ලෙස නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
Leave a Reply