31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ලේකම්වරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවය.

- Ads by AOL-
Sri Lankan Matrimony

නව පාසල් වාරය වෙනුවෙන් බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වි‍ශේෂ හමුවකින් අනතුරුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා එම අදහස් පළකළේය.

“ ගොඩාක් ඉල්ලම් තියෙනවා. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන් අඩු සංඛ්‍යාවක් ඉන්න නිසාත් ඒ උනන්දුව නිසාත් මේ පාසල් විවෘත කරලා දෙන්න කියලා. විදුහල්පතිතුමන් පළාත්, කොට්ඨාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන මෙන්ම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කැඳවලා දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාසයේ 28, 29 හෝ පෙබරවාරි 1 වන දා යන දින තුනෙන් එකක රැස්වීම් පවත්වලා තීන්දු තීරණ අරගෙන මොන පාසල් ද සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන්න පුළුවන් කියන නිර්දේශය ලබලා දෙන්න කියලා. ඒ නිර්දේශය පෙබරවාරි මාසයේ 3 වන දාට පෙර අනිවාර්යෙන්ම එවන්න ඕනේ. ඊට පස්සේ සෞඛ්‍ය ජනරාල්තුමා නිර්දේශ සමාලෝචනය කරලා අනුමැතියක් ලබාදෙයි මොන පාසල් ද පෙබරවාරි මාසයේ 15 වන විට ආරම්භ කළ හැක්කේ කියන එක. “

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරි 25 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් බස්නාහිර පාසල් පෙබරවාරි ආරම්භ කිරීම එතරම් සුබදායක කරුණක් නොවන බව විපක්ෂය පෙන්වා දෙයි.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory