බැංකු පද්ධතිය අවදානමක නම් ජනතාවගේ තැන්පතු…?

100
බැංකු පද්ධතිය අවදානමක
Ads by AOL

ඉන්ධන මිල ඉහළ නොදැම්මේ නම් මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන දෙදෙනාම තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු විමසා සිටින්නේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තිබේ නම් ඒවායේ තැන්පත් කර ඇති ජනතාවගේ තැන්පතු මුදල් වලට කුමක් වන්නේදැයි රජය පැහැදිලි කළ යුතු බවයි.

Ads by AOL
Sri Lankan Matrimony

මෙම ආර්ථික තත්ත්වය පාලනය කරගත නොහැකි නම් එය කළ හැකි පිරිසකට භාර දෙන ලෙසත් නොඑසේ නම් ආණ්ඩුවට ගෙදර ගොස් වෙනත් කණ්ඩායමකට රට භාර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply