31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් බෙලිඅත්ත උප සභාපතිට විරුද්ධ වූ පොලිස් නිලධාරියාගේ ජීවිතය අපායක් කළ හැටි

බෙලිඅත්ත උප සභාපතිට විරුද්ධ වූ පොලිස් නිලධාරියාගේ ජීවිතය අපායක් කළ හැටි.

පොඩි ලැසී ඇතුළු අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ වලට සම්බන්ධ වූ සජිත් ප්‍රියංකර නම් පොලිස් නිලධාරියෙකුට සිදුවන අසාධාරණයක් පිළිබඳව අප මීට පෙර අනාවරණය කළෙමු.

- Ads by AOL-
Sri Lankan Matrimony

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති විරාජ් ගලප්පත්තිගේ උපදෙස් මත මෙම අපරාධය සිදුවන බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

දකුණේ පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වීම හා ප්‍රදේශයේ වැලි ජාවාරම හා දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු අත්අඩංගුවට ගැනීම 750කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ සජිත් ප්‍රියංකර පොලිස් නිලධාරී මහතාට ප්‍රදේශයේ හතුරන්ගෙන් අඩුවක් නැත.

එම හතුරන් අතර ප්‍රධානම තැනක් ගන්නේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති වජිර ගලප්පත්තිය. මැරයින් හා ජාවාරම්කරුවන් රැසක් සමඟ සම්බන්ධතා පවත්වන මෙම දේශපාලකයා කිහිප වරක්ම බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා සමඟ සජිත් ප්‍රියංකර පොලිස් නිලධාරියාව කුමකට හෝ පටලවා ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට සැලසුම් කර ඇත.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙකු වන සජිත් ප්‍රියංකර නිලධාරී මහතා කිසිදා නොසිතූ ලෙස මෙම අපරාධකරුවන්ගේ හා දේශපාලකයන්ගේ ගොදුරක් වන්නේ කුඩා වැල්ලේ සිදු වූ 4 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට ඔහු සැක බව පවසමින් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟය.

එතැන් පටන් අපරාධකරුවන් රැසක් සිරගෙට යැවූ අවංක නිලධාරියෙකු වූ සජිත් ප්‍රියංකර මහතාගේ ජීවිතය අපායක් වන්නට පටන් ගත්තේය. එම සම්පූර්ණ සිද්ධිය මෙම ලින්කුව ඔස්සේ ඔබට නැරඹිය හැක.

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මේ ඔබේ අවධානයන පිණිසයි. ඔබේ පක්ෂයේ ඔබට හිතවත් දේශපාලකයෙකු අපරාධකරුවන් සමඟ එක්ව සිදු කරන මෙම අහස පොළොව නුහුළන අපරාධය වහාම නවත්වන්න.

බෙලිඅත්ත උප සභාපතිට විරුද්ධ වූ පොලිස් නිලධාරියාගේ ජීවිතය අපායක් කළ හැටි පිළිබඳ තවත් සාක්ෂි හා තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

බෙලිඅත්ත උප සභාපති ලංකාවේ ප්‍රධාන දේශපාලකයන් සමඟ සිටින චායාරූප පහත දැක්වේ.

 

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory