බේරා ගන්නයි ජනපතිගෙන් ඉල්ලු හෙරොයින් ජාවාරමේ සැකකරු සම්පායෝ නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලු සැප පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 07 දෙනා ඇප මත නිදහස් කර තිබේ.
නීති විරෝධී ද්‍රව්‍ය හා භාණ්ඩ රැඳවියන්ට ලබා දීම ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, කුඨ ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා 90ක් යටතේ ඔවුන්ට නඩු පැවරීමටද කටයුතු කර ඇත.
සාම්පායෝ වරෙන්තු ලබා සති දෙකක කාලයක් සැඟව සිටියදී 2020 අගෝස්තු 02දා මීගමුව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ වනවිත් තහනමට ලක්ව සිටි මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ සැඟව සිට ඇත්තේ කුරුණෑගල ප්‍රබල දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයකුගේ රැකවරණය ලබමින් යැයි එකල මාධ්‍ය වාර්තා කරන ලදී.
අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් අවස්ථාවේ මාධ්‍ය වෙත පවසා තිබුනේ, පොලිස්පතිවරයාගේ ඉල්ලීමත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නම කැත වන නිසාත්, ජනාධිපතිවරයා නිසාත් තමන් ස්වේච්චාවෙන්ම පොලිසියට භාර වූ බවයි.
එමෙන්ම ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ “ජනාධිපති තුමනී ඔබ තුමාට කියන්නේ අපි ඔබතුමාට ඡන්දෙ දාපු මිනිස්සු අපිව බේරගන්න…” යැයිද පොලිස් ජීප්රථයේ සිටිමින් කියා සිටියේය.
Leave a Reply