31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව උණුසුම් පුවත් මගේ යාලුවෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා රටට එන්න විදියක් නැතුව

“මගේ යාලුවෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා රටට එන්න විදියක් නැතුව” විදේශයක සේවයේ නියුතු ලාංකික තරුණියක් පවසා සිටී.

ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කරන ආයාචනයක් පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය.

මම මේ වීඩියෝ එක කරන්නේ අන්තිමටම අසරණ වුණ වෙලාවේ,” ඇය සිය වේදනාබර ආයාචනය අරඹන්නේ එලෙසිනි.

“කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් අහන්න කෙනෙක් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.”

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් තමන් යළි සියරට ගෙන්වාගන්නා මෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ බව ඇය පවසන්නීය.

“රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි, කියන්න වචන නැහැ අපේ රටේ ගෑණු ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ … ,” වේදනාවෙන් හඬමින් ඇය පවසන්නීය.

“මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව …”

කෙතරම් ආයාචනා කළත් බලධාරීන්ට සිය වේදනාව නොහැඟෙන බවට ඇය චෝදනා කරන්නීය.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කරන ඒ හා සමාන ආයාචනා ඇතුළු වාර්තා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දිනවල දකින්නට ලැබිණ.

ඉතා ඉක්මණින් ම ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ පක්ෂය ද දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

‘මාෆියාවක්’ ගැන චෝදනාවක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දී සිටින ඉරණම පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට මාධ්‍යවේදීන් කිහිපවරක්ම දැරූ උත්සහය සාර්ථක නොවීය.

කෙසේවෙතත්, දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය.

“අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට,” රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

“මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්. මේක මාෆියාවක්!”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්