31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් මධුමාදවගේ බිරිඳ කොරෝනා නිසා මියගිය පුද්ගලයා ගැන පැතිරවූ බොරුව

මධුමාදවගේ බිරිඳ කොරෝනා නිසා මියගිය පුද්ගලයා ගැන පැතිරවූ බොරුවක් පිලිබඳ මේ වනවිට වාර්තා වේ.

මධුමාදවගේ බිරිඳ විසින් ව්‍යාජ ප්‍රකාශ කිහිපයක් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ජනතාව නොමඟ යවමින් සිටී. එංගලන්තයේදී මියගිය අනුර ගාල්ලගේ මහතා මිය යාමට හේතුව බව සඳහන් කරමින් ඇය ව්‍යාජ ප්‍රකාශ කිහිපයක් මේ වනවිට ප්‍රචාරය කර ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් මියගිය අනුර ගාල්ලගේ මහතාගේ පවුලේ හිතවතෙක් තැබූ ෆේස්බුක් සටහනකි මේ.

“ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වූ මා හිතවත් අනුර ගාල්ලගේ මහතාගේ මරණය සම්බන්ධව එතුමාගේ ආ‌දරණීය බිරිඳ විසින් අද දින මට පැවසූ විස්තරය සැකෙවින් ඇ‌ගේ පූර්ණ අවසරය ඇ‌තිව පල කරමි.

ඉතාමත්ම යහපත් ජීවිතයක් ගතකල ගාල්ලගේ මහතා වෙනුවෙනුත්, ඉතාමත්ම ගෙෳරවනීයව, ආ‌දරණීයව ජීවත්වූ අඹු සැමියන් යුවලක් වෙනුවෙනුත්, මේ අතිශය භයානක සමයේ අත්‍යවශ්‍ය සේවයේ නිරතවන බ්‍රිතාන්‍යයේ NHS සෙෳඛ්‍යය සේවය වෙනුවෙනුත් ගාල්ලගේ මහත්මිය පැවසු විස්තරයේ ජනගත විය යුතු දෑ මෙසේ ලියමි.

අනුර ගාල්ලගේ මහතා මියගියේ අප්‍රේල් හය වෙනි දින උදෑසන 7.30ට පමණය.

ඊට පෙර දින රාත්‍රියේ දෙපල එක්වී පැය එක හමාරකට ආ‌සන්න කාලයක් බුදුන් වැඳ පිරිත් සඡ්ඡායන කර ඇ‌ත.

එදිනම සවස් වරුවේ ඔහු ලංකාවේ සිටින නෑදෑයින් සමඟ skype හරහා දීර්ඝ ධර්ම සාකාච්ජාවකද නිරත වී ඇ‌ත.

මේ වනවිට ගාල්ලගේ මහතාට කොරෝනා රෝගය වැළඳී එය සුවවෙමින් තිබී ඇ‌තත් NHS සේවය උපදෙස් දී ඇ‌ත්තේ ශ්වසන අපහසුතාවයක් ඇ‌තොත් වහාම ඔවුන් අමතන ලෙසයි.

පසුදින ඔහුගේ තත්වය දුටු බිරිඳ 999 NHS සේවය ඇ‌මතූ අතර ගිලන් රථයක් විනාඩි පහක් ඇ‌තුලත නිවසට පැමිණ සියලු ප්‍රතිකාර ක්ෂණිකව ලබා දී ඇ‌ත. නමුත් සියල්ල නිෂ්ඵල විය.

ඒ‌ අනුව අනුර ගාල්ලගේ මහතා මියගියේ අප්‍රේල් හය වෙනි දින උදෑසන, ගාල්ලගේ මහත්මිය සහ NHS සේවයේ සෙෳඛ්‍ය වෘත්තිකයින් ඉදිරියේ උතුරු ලන්ඩනයේ ඔවුන්ගේ නිවසේදීය.

මේ මරණය සිදුවූ ආ‌කාරය සම්බන්ධයෙන් මීට පටහැනි කතාවක් ගාල්ලගේ මහත්මියගේ හෝ ඒ‌ දරුවන්ගේ අනුදැනුමකින්, අවසරයකින්, විමසීමකින් තොරව Facebook හරහා සංසරණය විය.

පසුව එය WhatsApp හරහාද ලොව පුරා සංසරණය විය.

මෙය වාර්තා කල ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආ‌යතන අතරින් ස්වර්ණවාහිනී ආ‌යතනය පමණක් ගාල්ලගේ මහතාගේ පුත්‍රයාගෙන් සත්‍ය කරුණු විමසූවද අනෙක් මාධ්‍ය මේ පුවත ජනගත කර ඇ‌ත්තේ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සාවද්‍ය විස්තරය පාදක කරගෙනය.

එම සාවද්‍ය විස්තරය අනෙක් ගොසිප් වෙබ් අඩවි වලත් පලවූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ගාල්ලගේ මහතාගේ පුතනුවන් එය සාවද්‍ය යැයි පවසා comment කලද ඒ‌ විස්තර ඒ‌ ආ‌කාරයෙන්ම තවමත් ඇ‌ත.

මා මෙය මෙසේ සටහන් කලෙ තමන්ගේ පටු සිල්ලර අරමුණූ උදෙසා සාවද්‍ය තොරතුරු වගකීම් රහිතව ජනගත කිරීම නිසා ඉතාමත්ම ගෙෳරවනීය හා ආ‌දරණීය පවුලක් අද, තම දයාබර සැමියාගේ/පියාගේ වියෝවෙන් අසීමිත ශෝකයටත්, අපහසුතාවයටත් පත්වී ඇ‌ති නිසයි. එසේම 60,000කට වඩා කොරෝනා රෝගීන් වෙනුවෙන් ජීවිත පරදුවට තබා දිවා රෑ NHS හි සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ හෙදියන් ඇ‌තුලු සියලුදෙනා වෙනුවෙනි.

මධුමාදවගේ බිරිඳ Facebook ගිණුමක සටහනක් තැබීමට ඇ‌තැමෙකුට අකුරු දැනුම සහ ජාතිවාදය මූලික කරගත් වෛරී සිතුවිලි පමණක් ප්‍රමාණවත් බවත් සංවේදිතාවය, ප්‍රඥාව අවශ්‍ය නොවන බවත් ඒ‌ සාවද්‍ය සටහනින් පසක් වේ.
නමුත් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආ‌යතනයන් සිද්ධි වාර්තාකරනයේදී ඊට වඩා වගකීමෙන් ක්‍රියා කල යුතුයි; හුදෙක් Facebook ගිණුමක් පාදක කරගැනීම “ලිඳ ලඟ සංගමයෙන්” තොරතුරු ගත්තා වැනිය.
මා සේවය නොකල ආ‌යතනයක් වුවත් මේ සිද්ධිය වාර්තාකරනයේදී නිසි අචාර ධර්ම පිලිපැදීම ගැන ස්වර්ණවාහිනියට මගේ ගෙෳරවය පුද කරමි.

මරණය අප සියල්ලන්ටම පොදු ධර්මතාවයක් වන නිසා අවම වශයෙන් මරණයක් ගැන කතා කිරීමේදීවත් profile building, media ratings පසෙක ලා මනුස්සකම, පුද්ගලිකත්වයට ගරු කිරීම සහ ආ‌චාර ධර්ම මූලික කරගත් සත්‍ය තොරතුරු ජනගත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අනෝමා වත්තලාදෙනිය”

ප්‍රතිචාර: 1

Leave a Reply

  1. අනුර ගාල්ලගේ මහතාගේ වියෝව ගැනපලමුව කතා කල සිරිවර්වන මිය ඔහු ගූන ඔබ කියන පරිදි මේ සා බොරුවක් කීයන්නේ ඇයිද යනු මට ගැටලුවකි

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්