31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන මරණ තර්ජනයෙන් පසු හරීන්ට ආරක්ෂාව දෙන ලෙස නාමල් ඉල්ලා

මරණ තර්ජනයෙන් පසු හරීන්ට ආරක්ෂාව දෙන ලෙස නාමල් ඉල්ලා

ජනපතිගේ මරණ තර්ජනයෙන් පසු හරීන්ට ආරක්ෂාව දෙන ලෙස නාමල් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

- Ads by AOL-
Sri Lankan Matrimony

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11) වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේදී අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මරණ තර්ජනයෙන් පසු හරීන්ට ආරාක්ශාව ලබාදෙන ලෙස පොලිස්පති තුමාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ සමඟි ජන බලවේගය තුළ බොහෝ ප්‍රශ්න ඇති හෙයින් ඒවාට හරීන් ප්‍රනාන්දු මහතා මැදිහත්වී කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා මත පැටවිය හැකි හෙයින් හරීන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සැලසිය යුතු බවට තමන්ද එකඟ බවයි.

”මම හිතන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ආරක්ෂාව දෙන්න ඕනේ. මොකද එතුමාගේ පක්ෂය ඇතුළෙත් බොහෝ ප්‍රශ්න තියෙනවා. අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි.

ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න. මොකද විශේෂයෙන්ම පක්ෂයේ තිබෙන අභ්‍යන්තර ගැටළුත් එක්ක එතුමාට ඒ ආරක්ෂාව අවශ්‍යයි කියල අපි හිතනවා.

පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ දැන් සජිත් මහත්තයා ගාව ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කරන්න කියල. එතුමා ඒකෙන් බලාපොරොත්තු වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිවාස අමාත්‍යංශයේ රිපෝර්ට් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියල. එහෙම බැලුවහම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හරීන් ප්‍රනාන්දු මහත්මයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්