31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ආර්ථික මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී ඇත.

මෙම විරෝධය පළව ඇත්තේ ඊයේ (26 වැනිදා) වෙළෙඳ අමාත්‍යාංශයේ විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ අදාළ චක්‍රලේඛයෙන් සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීම සඳහාය.

- Ads by AOL-
Sri Lankan Matrimony

ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ බැංකුවලට මාස තුනක කාලයක් සඳහා ‘ඉදිරි විනිමය ගිවිසුම්වලට’ එළැඹීම තහනම් කර තිබේ. මහා බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ නියෝග මත පෙරේදා (25 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් සීනි පරිප්පු සහ ඖෂධ ඇතුළු සියලුම භාණ්ඩ ආනයනකරුවන්ට තමන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ගෙවීම් කිරීමට සිදුවන්නේ භාණ්ඩ මෙරටට ලැබෙන අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට අනුවය. එනම් ඩොලරයේ අගය ඉහළ යනු ඇති අපේක්ෂාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් බාහිර වෙළෙඳපොළෙන් (වාණිජ බැංකු හරහා) නියමිත අගයකට ඩොලර් මිලදී ගැනීමේ හැකියාව මෙම නියෝගයෙන් අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය පිළිබඳ අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ දී ඩොලරයේ මිල යළිත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙලෙස ඩොලර් මිලදී ගැනීම සඳහා ‘ඉදිරි ගිවිසුම්’වලට එළැඹීම අත්හිටුවීමෙන් වෙළෙඳුන්ට බලපෑමක් එල්ල නොවන බවයි. එසේම මෙය තාවකාලික පියවරක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory