අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සුබ පැතුම් එක්කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දක්වා තිබේ.
ජෝ බයිඩන්ගේ ධූර කාලය වෙනුවෙන් තමා සුබ පතන බව ද එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.
එම ට්විටර් සටහන පහතින් දැක්වේ.
වොෂින්ටන්හි පිහිටි කැපිටල් මන්දිරය අභියස දී අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දීම සිදුකරනු ලැබීය.
ජනාධිපතිවරයා දිවුරුම් දීමට පෙර අමෙරිකා ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූවද උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගී වී නව ජනාධිපතිවරයාට සුභ පැතුම් එක්කරනු ලැබීය.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාද තම සුබ පැතුම් ට්විටර් ඔස්සේ පළකර සිටියේ මෙලෙසිනි.
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් මහතාට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තමන් සුබපැතුම් එක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ.
මහින්ද හා සජිත් ඇමරිකානු නව නායකයන්ට සුබ පැතුම් එක්කර තිබුණද ජනාධිපතිවරයා සුබ පතා නොතිබීම තරමක් විමතියට කරුණකි. කෙසේ වෙතත් පසුගිය වර ට්‍රම්ප් ජනාධිපති වූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්කළ සුබ පැතුම දැඩි විවේචනයට ලක් වීම නිසා මෙලෙස නිහඬව සිටින්නේද යන පැනය මතුවේ.
Leave a Reply