මානව හිමිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම සමුගනී..!

141
මානව හිමිකම් ක්‍රියාකාරිනී
Ads by AOL

මානව හිමිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම සමුගනී..!

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

මෙරට වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නායකයෙකු වූ නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දියණියක වූ මනෝරි මුත්තෙට්ටු‍වේගම මහත්මිය,

කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම මහතාගේ ආදරණීය බිරිඳයි.

අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්ති ඉටුකිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිදුකළ මුත්තෙට්ටුවේගම මහත්මිය

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළාය.

පසුව පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා අඩිතාලම වැටුනේ එම කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරීත්වයයි.

සිය ජීවිතය පුරා උතුරේත් දකුණේත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි මුත්තෙට්ටුවේගම මහත්මිය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙන්ම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකාවක් ලෙසද සිය දායකත්වය ලබා දුන්නාය.

1987-89 අරගලයේදී අතුරුදන්වූවන් සම්බන්ධ පරීක්ෂණ කිරීමට 1994 පත් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පත් කළ

අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ඇය ලංකාවේ විවිධ පළාත්වල

රාජ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් මර්දනයට ලක්වූවන් පිළිබඳ වසර 4 ක් තිස්සේ සිදුකළ විධිමත් සාක්ෂි විභාගයකින් පසුව දීර්ඝ වාර්තාවක් පිළියෙළ කිරීමට දායක වූවාය.

කෙසේවෙතත් එවකට චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුවේ අරමුණ වූයේ ඇයගේ වාර්තාව අනුව නීතිමය පියවර ගැනීම නොවන නිසා ඇයගේත් සාක්ෂි දුන් දහස් ණනක් වින්දිතයන්ගේත් අපේක්ෂා බිඳ වැටිණි.

සබැඳි : මානව හිමිකම් කවුන්සිලයේදී ආණ්ඩුවම වරද්දාගන්නා ලකුණු..

මානව හිමිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම සමුගනී..!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply