මාලගමුව රටේ මුදල් ලක්‍ෂ 200ක් විනාශ කරද්දී ටොයෝටා කාර් එකකින් රේස් පැද ලක්‍ෂ 29000ක් ඉපැයූ කයිල් බුෂ්

2206
Ads by AOL

ඩිලන්ත මාලගමුව විසින් සිදු කරන ලද දැවැන්ත ජනතා නොමඟ යැවීම පිලිබඳ අප මීට පෙර හෙළිදරව් කළෙමු. තමන් තිදෙනෙකු පමණක් සහභාගී වූ තරඟයට තරඟ කළ ඔහුද ෆේස්බුක් වීඩියෝවක් ඔස්සේ පිළිගෙන තිබිණ. එහෙත් ඔහු ප්‍රකාශ කර තිබුණේ ඔහු රටට සම්පතක් බවයි. නමුත් ඔහුගෙන් ලංකාවට ලැබුණු දෙයක් නැත. ඔහු පුළුවන් තරම් මේ රටේ ජනයාගේ බදු මුදල් හූරාගෙන කා ඔහුගේ මඩිය තරකරගත්තා පමණි.

ඔහුට වඩා මේ රටට සම්පතක් වීමට මිනුවන්ගොඩ කොරෝනා වැළඳුන පුද්ගලයන් සමත්ව ඇත. ඔවුන් මේ රටට වාර්ෂිකව දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට කැපවන්නෝය. ගමේ අවුරුදු උත්සවයක බයිසිකල් රේස් පැද්දත් වීදුරු සෙට් එකක් හෝ තෑගී ලැබෙන අතර ඩිලන්ත මව් රටට උපයා දුන් සත පහක දෙයක් නැත.

Ads by AOL
Sri Lankan Matrimony

ඩිලන්ත මාලගමුව ලැම්බෝගිනි වැනි සමාගම් ප්‍රවර්ධන කටයුතු සඳහා පවත්වන තරග වලට මුදල් දී ඇතුලත් වී තරඟ කර රටේ සල්ලි නාස්ති කරන අතර සත පහක මුදලක් ඒ ඔස්සේ උපයන්නේ නැත.

එහෙත් 2020 වසරේදී Kyle Busch ටොයෝටා කාරයකින් තරඟ කර රු කෝටි 297 (ඇ.ඩො.මි.16.1) මුදලක් තම මව් රටට විනිමය ලෙස උපයා දී ඇති අතර ඩිලන්ත මාලගමුව ලැම්බෝගිනි කාරයකින් තරඟ කර මේ වසරේදී පමණක් ලංකාවට රු. ලක්ෂ 200කට වඩා වැඩි වටිනාකමිකින් යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කර ඇත.

ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු රේස් පැදීමට තිබෙන ආසාවට රටේ සල්ලි නාස්ති කරමින් ජනතාව රවටමින් පුරසාරම් දොඩවමින් ලොව වටා යන බවයි. ගවේෂණශීලී මාධ්‍යවේදීන් නැති දේශපාලුවන්ගෙන් යැපෙන මාධ්‍යවේදීන් සිටින රටක ඕනෑම කෙනෙක් රැවටීම ඉතාම පහසුය.

මව්බිම පුවත්පත 3 දෙනෙක් සහභාගී වූ තරඟයෙන් 3 වැනියා වීම ඩිලන්ත මාලගමුව යුරෝපය හෙල්ලීමක් ලෙස වාර්තා කර තිබූ අතර එහෙත් ලංකාවේ නොවන කිසිදු පිළිගත් විදෙස් මාධ්‍යයක ඔහුගේ නමවත් පසුගිය අවුරුදු 20 තුළම පළවී නැත.

කාර් රේස් ධනවතුන්ගේ ක්‍රීඩාවක් ලෙස සලකන අතර ඒවාට කිසිදු රටකින් රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් රටට මුදල් ගෙන එයි. එහෙත් ඩිලන්ත මාලගමුව මෙතෙක් ලංකාවට සතයක්වත් ගෙන ආ පුද්ගලයෙක් නොවේ. ඒ තබා ඔහුට ඔහුගේ වියදමවත් රේස් පැදීමෙන් හොයා ගැනීමට නොහැකි වී තිබේ. පහත දැක්වෙන්නේ 2020 වසරේ NASCAR තරඟාවලියට සහභාගී වූ තරඟ කරුවන් තම රටට උපයා දුන් මුදල් ප්‍රමානයන්ය. NASCAR තරඟාවලිය යනු ලොව ප්‍රධානම මෝටර් රථ තරඟාවලිය නොවේ. නමුත් ෆෝමියුලා නොවන කාර් (ඩිලන්ත මාලගමුව පදවනවා වැනි මෝටර් රථ) සඳහා ඇති පිළිගත් තරඟාවලියකි. එවැනි සාමාන්‍ය මට්ටමේ තරඟාවලි වලින් පවා තරඟකරුවන් තම රටට ගෙනගොස් ඇති මුදල් ප්‍රමාණයන් පහතින් දැක්වේ

Kyle Busch – රු කෝටි 297
Jimmie Johnson – රු කෝටි 273
Denny Hamlin – රු කෝටි 242
Kevin Harvick – රු කෝටි 201
Martin Truex Jr – රු කෝටි 192

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply