ඉදිරි මහ මැතිවරණය සඳහා ජනතාව බලාපොරොත්තු වන, ජනතාව ඉල්ලා සිටින ඡන්ද ලකුණකින් ඉදිරිපත් වීම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පවසන්නේ, ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඡන්ද ලකුණ තීරණාත්මක වන බැවින් ජනතාවගේ මනස තේරුම් ගෙන කටයුතු කළ යුතු බවයි.
විදෙස්ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා අද (03) යළි දිවයිනට පැමිණි අතර, එසේ පැමිණ අවස්ථාවේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ශ්රීලනිපය ඇතුළු දේශපාලන පක්ෂ හා එක්ව පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ආකාරයෙන්ම සියලු පක්ෂ එකතුව මහ මැතිවරණයට මුහුණ දෙන බවත් ඒ සඳහා සුදුසුම ඡන්ද ලකුණ තෝරා ගනු ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයාට සිය වැඩපිළිවෙළ කරගෙන යාමට අවශ්‍ය සහාය ලබා දිය හැකි බහුතරය සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බැවින් ඉදිරි මහ මැතිවරණය පැහැදිලි බහුතරයකින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බව ද ඔහු පවසා තිබෙනවා.
Leave a Reply