මෙහෙකාර දැරිය පිළිස්සුනු ගින්න ගැන සීසීටීවි කැමරාවල නැහැ!

94
Ads by AOL

මෙහෙකාර දැරිය පිළිස්සුනු ගින්න ගැන සීසීටීවි කැමරාවල නැහැ!

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය

Ads by AOL
Sri Lankan Matrimony

ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි.

දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙනු අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට

පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශ වලින් හෙළි වු බවත්,

ඒ බව තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සී සී ටී වී කැමරාව ක්‍රියා විරහිත වී ඇති බවද

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහත ස්ථානයේ කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී

රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවත්,

ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවට

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මක ඇත්තේ කැමරා 14 ක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

රිෂාඩ්ගේ දුක් ගැනවිල්ල රාජපක්ෂලාට කියයි. අයියමලෝ කතාවෙයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply