බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මොයීන් අලී නම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මාධ්‍යවේදීන් වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය. “අපි මේ රටට එන සියලු දෙනාම නියමිත ආරක්ෂක උපක්රමවලට අනුවයි රටට ඇතුළු කර ගන්නේ. ඒ නිසා අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා හරහා මෙම නව වයිරස් ප්‍රභේදය පැතිරීමට තිබෙන ඉඩකඩ අපි අහුරා තිබෙනවා”.
එංගලන්තයේ සිට මෙරටට පැමිණි ක්‍රීඩකයින් අතරින් මොයීන් අලී නව කොරෝනා වෛරසය ආසාදිත බව පසුගිය දා තහවුරු වූයේ ය.
මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූවෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ පැවසුවේ ය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව පර්යේෂණය කළ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ, බ්‍රිතාන්‍ය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට සමාන වෛරස ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බවය.
මෙම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම සිදු කළ පර්යේෂණයේ දී මේ බව තහවුරු වූ බව ඒ මහතා පැවසීය.
ඒ අනුව, එම පර්යේෂණය අවසන් කර එහි තොරතුරු මීට දින දෙකකට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ය.
Leave a Reply