යළිත් අඳුරු මුල්ලක ගුලි ගැහෙන ඇෆ්ගන් කාන්තාව

372
යළිත් අඳුරු මුල්ලක
Ads by AOL

යළිත් අඳුරු මුල්ලක ගුලි ගැහෙන ඇෆ්ගන් කාන්තාව

ඇෆ්ගනිස්ථානයේ බලය නැවත අත්පත් කරගත් තලේබාන් සංවිධානය කාන්තාවන්ට පෙරට වඩා නිදහස් ලබාදෙන බව

Ads by AOL
Sri Lankan Matrimony

පළමු මාධ්‍ය හමුවේදීම ප්‍රකාශ කළ නමුත් මේ වනවිටත් කාන්තාවන් යළිත් අඳුරු මුලුවල සිරවන බවට ඉඟි පළවෙමින් තිබේ.

ඇෆ්ගන් පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා ඛලීඩා පොපල් ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ අන්‍යතා ඉවත් කර ක්‍රීඩා ඇඳුම් පුලුස්සා දමා ජීවිත ආරක්ෂා කර ගන්නා ලෙසයි.

රොයිටර් වාර්තාව : Former Afghan women’s captain tells players to burn kits, delete photos | Reuters

කොපන්හේගන් නගරයේ සිට ඇෆ්ගන් තරුණියන් වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ,

ක්‍රීඩා ඉතිහාසයේ සියලුම සළකුණු ඉවත් කිරීමට ඇෆ්ගන් තරුණියන් හදිසි පියවර ගතයුතු බව ද

‘සමාජ ජාලා මාධ්‍යවලින් ඔබේ නම් ඉවත් කර ගන්න, අනන්‍යතා ඉවත් කර ගන්න, ඡායාරූප ඉවත් කර ගන්න.

ඔබේ ජාතික කණ්ඩායමේ නිළ ඇඳුම පුළුස්සා දමන්න.

ඔබේ ජීවිතය අහිමිවීමට ක්‍රීඩා නිළ ඇඳුම පමණක් වුවද ප්‍රමාණවත් වනු ඇත.’

යනුවෙන් ඇය රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

ක්‍රීඩිකාවක් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමා ඉමහත් ආඩම්බරයට පත් වූ බවත්, රටේ ලාංඡනය පපුවේ ගසාගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට, රට නියෝජනය කිරීමට විශාල කැපකිරීමක් සිදුකළ බවත් පෙන්වා දෙන හිටපු ඇෆ්ගන් පාපන්දු නායිකාව පවසන්නේ, එහෙත් අවසානයේදී එය ඉතිහාසයෙන් පවා මැකී යාමට ඉඩ තිබෙන බවයි.

ඇෆ්ගන් පාපැදි සම්මේලනයද සිය ක්‍රීඩිකාවන්ට පවසා තිබෙන්නේ සියලු ක්‍රීඩා කටයුතු නවතා නිවසට වී සිටින ලෙසයි.

සමාජ මාධ්‍ය හරහා කිසිවක් ප්‍රචාරය නොකරන ලෙසද ඔවුන් ක්‍රීඩිකාවන්ට දන්වා තිබෙනවා.

ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කටයුතුද ඉතා නුදුරේදීම නවතා දැමීමට සිදුවනු ඇති බව ඊයේ ඇෆ්ගන් ක්‍රිකට් ආයතනයේ බළධාරීන් ප්‍රකාශ කර තිබිණි.

මම ජනතාවට ද්‍රෝහි වුණේ නෑ. ආවෙ සෙරෙප්පු දෙක පිටින් – SLStory

යළිත් අඳුරු මුල්ලක ගුලි ගැහෙන ඇෆ්ගන් කාන්තාව

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply