31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව විදෙස් පුවත් යුක්රේනය ලෝක්ඩවුන් කරයි, ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවයි

යුක්රේනය ලෝක්ඩවුන් කරයි, ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවයි

යුක්රේනය ලෝක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මිලියන 41ක පමණ ජනතාවක් ජීවත්වන යුක්‍රේනයේ පාසල්, හෝටල්, ආපන ශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථාන රැසක් වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වීමත් සමග පසුගිය දෙසැම්බර් මාසයේ මුල දී ජනවාරි මාසයේ යුක්රේනය ලෝක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඒ, දිනකට එරටින් ආසාදිතයන් 12,000 – 14,000 අතර ප්‍රමාණයක් වාර්තාවීමත් සමග ය.

ඒ අනුව, මෙම නව සීමා මෙම මස 24 වන දක්වා එනම්, දින 17ක් දක්වා බල පැවැත්වෙනු ඇත. එමෙන් ම, විනෝදාස්වාදය සපයන මධ්‍යස්ථාන, විශාල ලෙස ජනතාව එක් රැස්වීම් ද තහනම් වෙනු ඇත.

එරට රජය පවසන්නේ මෙම සීමාවන් මේ මොහොතේ පැනවීමෙන් ආර්ථිකයට විශාල හානියක් කළ හැකි දැඩි අගුලු දැමීමේ අවශ්‍යතාව වළක්වා ගත හැකි බවය.

මේ වන විට යුක්‍රේනයෙන් කොරෝනා ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවා වාර්තාවී ඇති අතර එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 19,500 ඉක්මවා ගොස් ඇත.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්