එංගලන්තයේ සිට පැමිණෙන සියළුම ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයයන්ට ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාවට ඇතුලු වෙන්න අවසර නැත. ඒ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන්.
එහෙත් අද දවල් 12. 40 එංගලන්තයේ සිට පැමිණි විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රජයට සම්බන්ධ දේශපාළඥයන්ගේ ළමයි සහ ව්‍යාපාරිකයන්ගේ ළමයි සහ ඔවුන්ගේ මිතුරු කණ්ඩායම් වලට කිසිම බාදාවක් නැතුව රටට ඇතුලු වෙන්න අවසර ලබාදී ඇත.
මහින්ද අමරවීරගේ පුතා, ලක්ෂමන් වසන්ත පෙරේරගේ පුතා, මහින්ද යාපගේ පුතා, මහින්දානන්දගේ පුතා, ධම්මික පෙරේරාගේ දියණිය ඇතුලු ප්‍රභූන් යැයි හඳුන්වන සීමිත පිරිසකට තමයි ඒ විශේෂ වරප්‍රසාදය හිමිවෙනනේ. ඒ අතරේ සාමාන්‍ය පවුල් වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ සිරව සිටී.
මේ පැමිණි විශේෂ පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්නෙත් දියතලාවේ පිහිටි යුධහමුදාව සතු නිළධාරී බංගලා කිහිපයකටය. යුද හමුදාපතිවරයා ඒ බව තහවුරු කරසිටී. ඉතාලියෙන් සහ කොරියාවෙන් පැමණි සිය ගණනක් විදේශ ශ්‍රමිකයන් අවධානම් සහගත ලෙස එක පොදියට නිරෝධායනය කරද්දි ප්රභූන්ගේ දරුවන්ට රජයේ වියදමින් වෙනම පහසුකම් යොදමින් සැප බංගලාවල නිරෝධායනය කිරීම ලොව කිසිම රටක් නොකළ ආකාරයේ පහත් ක්‍රියාවකි.
Leave a Reply