ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට,
තමන්ට ලැබී ඇති දඬුවම සම්බන්ධයෙන් අභියාචනය කිරීමේ අයිතිය හිමිවිය යුතු බව ජනතා නීතීඥයෝ සංවිධානය අවධාරණය කරයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට ඇති නීතිය අපරාධ නීතියේ සිද්ධාන්ත සමග ද ගැටුමක් ඇති කරන බව පෙන්වා දුන්;
එම සංවිධානයේ විධායක සභික නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මෙම නීති විධිමත් ලෙස සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස
අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගෙන් ඉල්ලා සිටියේය.
රංජන් රාමනායක මහතාට අභියාචනය කිරීමේ අයිතියක් තියෙනවා..
දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරලා තියෙනවා.
ඒ සම්මුතිය පිළිඅරන් තියෙනවා සාපරාධී වරදක් කරන සෑම තැනැත්තෙකුට දඬුවමට එරෙහිව අභියාචනය කිරීමේ අයිතියක් තියෙනවා කියලා.
ඒක අපි 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට ඇතුළත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් දීපු නිසා රංජන්ට මේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා.
රංජන්ට තමන්ට ලැබුණු තීන්දුවට එරෙහිව අභියාචන අයිතියක් තිබිය යුතුයි”
නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා
ඔවුන් මෙම අදහස් පළ කළේ ජනතා නීතීඥයෝ සංවිධානය විසින් ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
රංජන් රාමනායක මහතාට වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිමි වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටය.
සබැඳි පුවත් :
රන්ජන්ගේ සිර දඬුවම කෙටි කරයි – බන්ධනාගාර අමාත්‍යාංශය
අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය.
2017 අගෝස්තු 21 වන දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින්
අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා පැවසීය.
එම ප්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව
අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් එය තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නේ ය.
කෙසේ වෙතත් රන්ජන්ට ආදරය කරන පිරිස් පවසන්නේ රන්ජන්ගේ සිර දඬුවම කෙටි කිරීම සතුටුදායක ආරංචියක් බවයි.
Leave a Reply