සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් කොළඹ ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සංස්ථා ඒජන්සියෙන් (ජයිකා) ණය ආධාර ලබා ගැනීමෙන් වැළකී සිටීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසැටෝ තනාකා දැඩි ස්වරයකින් ලිපියක් මගින් ශ්‍රී ලංකා රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට අදාලව එය ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය පිළිබිඹු කිරීමක් ද යන්න පිළිබඳව විමසමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත ෆුසැටෝ තනාකා මහතා මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ප්‍රශ්න කර ඇත.
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෑතකදී ප්‍රකාශ සිටියේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජයිකා ආධාර ලබා නොගැනීමට රජය තීරණය කර ඇති බවත් ඒ වෙනුවට එම ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර ඇති බවත් ය.
එම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් ජයිකා ආයතනයට හෝ ජපාන රජයට ලිඛිතව නිල සන්නිවේදනයක් ලැබී නොමැති බවත් ණය ගිවිසුම වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට ජයිකා එකඟ වී නැති බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.
අදාල ලිපියේ පිටපතක් පහතින් දැක්වේ..
Leave a Reply