රටටම විනයක් ගෙනා රාජපක්ෂ ආණ්ඩුව යටතේ මලල ක්‍රීඩකයොත් විනය කඩලා

103
රටටම විනයක් ගෙනා
Ads by AOL

රටටම විනයක් ගෙනා රාජපක්ෂ ආණ්ඩුව යටතේ මලල ක්‍රීඩකයොත් විනය කඩලා

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ හෝටලය තුළ නිරෝධායනය වෙමින් සිටියදී නිරෝධායන නීති කඩ කරමින් විනය විරෝධී ලෙස කටයුතු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාවකාලික තරග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Ads by AOL
Sri Lankan Matrimony

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බාරව සිට නිළධාරීන්ටද මෙම තාවකාලික තරග තහනම අදාල වන බවයි වාර්තා වන්නේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර එම විනය පරීක්ෂණය අවසන් වනතෙක් මෙම තරග තහනම වලංගු වේ.

මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන ක්‍රීඩකයන් දෙදෙනෙකුද මෙම කණ්ඩායමේ සිටින අතර

ඒ අනුව ඔවුන් දෙදෙනාට ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීමට අවස්ථාව ලබා දී තිබේ.

එම තරගාවලියෙන් පසුව ඔවුන්ටද මෙම තරග තහනම අදාල වේ.

පසුගියදා ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී නැවත පැමිණ මළල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායනය සඳහා

මාතර ප්‍රදේශයේ හෝටලයකට යොමුකර තිබූ අතර ඉන්පසුව ඔවුන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයට අයත් හෝටලයේ රඳවා තබා තිබිණි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මත්පැන් සාදයක් පවත්වා තිබෙන්නේ ඒ අතරයි.

මේ පිළිබඳව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පාලනාධිකාරිය ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබේ.

සබැඳි : එම්.ආර්. ලතීෆ් ක්‍රිකට් විනය කමිටුවට. පත්වීම තවම භාරගෙන නෑ.

රටටම විනයක් ගෙනා රාජපක්ෂ ආණ්ඩුව යටතේ මලල ක්‍රීඩකයොත් විනය කඩලා

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply