රන්ජන්ගේ සිර දඬුවම කෙටි කර ඇති බව වාර්තා වේ. බරපතළ වැඩ සහිත සිවු වසරක සිරදඬුවම් නියම කෙරුණු සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ ඉදිරි සිරගත කාලය වසර 2යි මාස 08කින් ගෙවී යෑමට නියමිතව ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
සිරගත වන පුද්ගලයන්ට වසරකට ගෙවිය යුතු දඬුවම් කාලය මාස 8ක් ලෙස ගණනය කරන බවත් ඒ අනුව රන්ජන් රාමනායක මහතාට නියමව ඇති සිරදඬුවමින් වසර එකයි මාස හතරක් අඩුවන බවත් එම අමාත්‍යාංශය පවසයි. ඉහත කී ආකාරයට රන්ජන් රාමනායක මහතාට සිය වසර දෙකයි මාස අටක සිරදඬුවමක් ගෙවීමට සිදුවන බව පවසන එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ මහතා පවසන්නේ යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ පසු නොවන සිරකරුවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවන බවය.
රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසීය.
තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට දී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය.
2017 අගෝස්තු 21 වන දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා පැවසීය.
එම ප්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් එය තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නේ ය.
කෙසේ වෙතත් රන්ජන්ට ආදරය කරන පිරිස් පවසන්නේ රන්ජන්ගේ සිර දඬුවම කෙටි කිරීම සතුටුදායක ආරංචියක් බවයි.
Leave a Reply