එක්සත් ජාතික පක්ෂයේ නව පත්වීම්වලට විරෝධය පළ කරමින් පක්ෂයේ හිටපු උප නායක රවි කරුණානායක එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට නොපැමිණීම නිසා උප නායක තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ හිටපු උප නායකවරයා නව පත්වීම්වලට විරෝධය පළ කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව පවසා පිටත්ව ගොස් ඇත.
හිටපු උප නායක රවි කරුණානායක එජාප සමග පැමිණි නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන අයට පක්ෂ නායකත්වය දැනුම් දී ඇත්තේ ඔවුන්ට තනතුරු ලබාදිය හැකි බවයි. ඒ අනුව නවීන් දිසානායකට ජාතික සංවිධායක ධුරයත්, අර්ජුන රණතුංගට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයත් ලැබී ඇත.
එම තනතුරු භාරගන්නවාද නැද්ද යන්න ඉදිරි දිනවලදී දැනුම් දෙන බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇතත් ස්වල්ප වේලාවකින් පිටත්ව ගිය බවද වාර්තා වෙයි.
මේ අතර රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පිරිසක් පෙරේදා (12 වැනිදා) කතරගමදී අධිෂ්ඨාන පූජාවකට සහභාගි වූහ.
එක්සත් ජාතික පක්ෂයේ කැඩී ගිය පාර්ශ්ව යළි එක් කිරීම සහ රට ව්‍යසනයෙන් මුදවා දෙන ලෙසට අධිෂ්ඨාන කරමින් මෙම පූජාව සිදුකළ බව කරුණානායක මහතා කීවේය. ක්ෂයේ නායකයන් දැනටමත් සමගි විය යුතු බවත්, එකවන්ව බිම් මට්ටම ගොඩනැඟිය යුතු බවත් කී හෙතෙම සියලු ජාතීන් එක් කරන මහගෙදර වන්වූ එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතු යැයිද කීය.
හිටපු එක්සත් ජාතික පක්ෂ උප නායකයා ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාවක් වන මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන මොලකරුවෙකු වේ. එහෙත් දේශපාලන බලය හා නීතියේ සිදුරු නිසා ඔහු යළිත් දේශපාලනයට පැමිණ තිබේ.
මොහුට අමතරව 2005-2015 කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාද අජිත් නිවාඩ් කබ්රාල් සමඟ එක්ව ලංකා ඉතිහාසයේ දැවැන්තම බැඳුම්කර වංචාව සිදුකර ඇති බව වාර්තා විය.
Leave a Reply