රාජපක්ෂ පවුලේ ඥාතීන් වන 548 දෙනෙකුගේ නිවෙස් වලට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය නාවික හමුදාව මගින් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව යෝෂිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නොමිලේ භාණ්ඩ රාජපක්ෂ පවුලේ සියලු ඥාතීන් වෙත බෙදා දීම ආරම්භ කර තිබේ.
රටේ ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට නොහැකිව අසරණ තත්වයක පත්ව සිටින අවස්තාවක දිලිදු ජනතාවට බෙදා දීමට හැකියාව ඇති මෙම භාණ්ඩ මෙලෙස රාජපක්ෂ පරම්පරාවේ පුද්ගලයන්ට බෙදා දීමට තමන් විරුද්ධ වුවත් අගමැතිවරයාගේ අණට පිටින් කටයුතු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව නාවික හමුදා නිලධාරියෙකු අප සමඟ සඳහන් කර සිටියේය.
රජයේ අණින් මේ වනවිට බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හරින පෞද්ගලික සේවාවන්ද නවත්වා ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා මෙහෙයවන වෙළෙන්දන්ට පමණක් මේ සඳහා අවසර ලබාදී ඇත. අනෙකුත් පුද්ගලයන්ට ඊට අවසර ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන පීඩාවන් නිසා බොහෝ වෙළෙන්දන් නිවෙසට ආහාර ද්‍රව්‍ය ගෙනගොස් විකිණීමේ සේවාව නවත්වා දමා තිබේ.
රටම බඩගින්නේ මළත් තමන්ගේ පවුලේ ඥාතීන් සැපට කා බී ජීවත් වීම පමණක් වැදගත් කොට සලකන තත්වයකට රටේ පාලකයන් පත්වීම රටටම උදාවූ ශාපයකි.
එහෙමෙයි… හා හා 😂😂😂😂😂
අසරණ පවුල් නෙ.😆😆😆😆😆