මේ වන විට ඇමති රිෂාඩ් බදියුදීන් සම්භන්දයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වෙමින් පවතී.ඒ අනුව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වනවාද, නැද්ද යන්න එම යෝජනාවේ ඇතුළත් කරුණු අනුව තීරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.
මාධ්‍ය කළ කරුණු විමසීමකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේය.
එසේම මෙම විශ්වාසභංග යේාජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය විමසා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය කාවින්ද ජයවර්ධනගෙනි.
එහිදී “මෙම විශ්වාසභංගය ගේන්නේ මොන කාරණා මතද කියන දේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතුයි. කෙසේවෙතත් මේ පිළිබඳව පක්ෂය විසින් තවමත් අපිව දැනුවත් කරලත් නෑ. ඒ දැනුවත් කිරීම මතත්.. විශේෂයෙන්ම කතෝලික ජනතාව සහ කාදිනල් හිමියන්ගේ උපදෙස් මතත් මම පෞද්ගලිකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එජාපයේ අදහස පිළිබඳව මේ වන විට සාකච්ඡාවක් සිදුවෙලා නෑ.” යනුවෙන් කියා සිටියා.
රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.
Leave a Reply