අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාට ව්‍යාජ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඒ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියකි.
රෝහිත රාජපක්ෂ මහතා 2015 වසරේ සිට සිය ආචාර්ය උපාධියට අදාල අධ්‍යයන කටයුතු සිදුකර ඇති බව ප්‍රචාරය කර අතර පසුගියදා එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙන බව සඳහන් කරමින් ඔහුට මෙලෙස වංචනික ලෙස උපාධිය ලබාදී තිබේ.
ව්‍යාජ ලෙස නිබන්ධන හා අනෙකුත් ලිපි ලේඛන විශ්ව විද්‍යාලයේම මහාචාර්යවරුන් කිහිප දෙනෙකු යොදවා සකස්කොට, තම පියා අගමැති වූ සැනින් මෙලෙස ඔහු ආචාර්ය උපාධියක් දේශපාලන බලය පාවිච්චි කොට ලබා ගැනීම කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි වලට ඇති පිළිගැනීම හෑල්ලුවට ලක්කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු අප සමඟ සඳහන් කර සිටියේය.
එසේම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම අතර කොළඹ විශ්ව විද්‍යාලය තවත් පහළට යාමට මෙම සිද්ධිය සෘජුවම හේතුවන බවද එම කථිකාචාර්යවරයා කළකිරීමෙන් යුක්තව සඳහන් කර සිටියේය.
Leave a Reply