ලංකාවට ආවේ අම්මා පහරදීපු නිසා.. එද්දී බාලවයස්කාරියක් වුවත් දැන් 16ට වැඩියි

10637
Ads by AOL

රාවණා අදහන එහෙත් පෙම් කරන වයසේ පසුවන තරුණ තරුණියන්ට ගරහන සමාජයක් වර්තමානයේ බිහිව තිබේ. ජපන් පෙම්වතිය සමඟ පැමිණි තරුණයා අල්ලන්නට මෙරට පොලිසිය මහා දැවැන්ත මෙහෙයුම් දියත් කාළේ බරපතල අපරාධකරුවන් දහස් ගණනක් නිරුපද්‍රිතව සමාජයේ සිටියදීය.

16 හැවිරිදි ජපන් ජාතික තරුණියක් ලංකාවට පැහැරගෙන විත් රඳවා තබාගෙන සිටියේ යැයි පැහැරගෙන යෑම, අපහරණය, ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 3ක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතා වන බස්නායක මුදියන්සේලාගේ කසුන් මධුශංක නමැති පලඟතුරේ, දළුකොටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (26දා) නියෝග කළේය.

Ads by AOL
Sri Lankan Matrimony

ෆ්ලෝරා නමැති ජපන් ජාතික තරුණිය (16) රැගෙන විත් රඳවා තබාගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මවක සහ ඇගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් දෙදෙනා දස දහසක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඊට අමතරව 16 හැවිරිදි ජපන් ජාතික තරුණිය මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි පරිවාස නිවාසය භාරයට පත්කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් භෂා පරිවර්තකයකු මාර්ගයෙන් ජපන් තරුණියගේ ප්‍රකාශයක් පොලිසිය මඟින් සටහන් කර ගෙන තිබිණි. ඒ අවස්ථාවට ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සහභාගි වී ඇත.

තම දියණිය කොච්චිකඩේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ජපානයේ සිටින ජපන් ජාතික තරුණියගේ මව දැනගෙන තිබිණි. එහෙත් කොරෝනා වසංගතය නිසා ඇයට මෙරටට පැමිණීමට කිසියම් බාධාවක් ඇතැයිද පොලිසිය කීය. ඊයේ වනතුරුත් ඇය මෙරටට පැමිණෙන බවට තහවුරු කළ හැකි තොර තුරක් පොලිසිය වෙත ලැබී තිබුණේ නැත.

ජපන් තරුණිය ජපානයේ සිට සිය පෙම්වතා සමඟ මෙරටට එද්දී ඇගේ වයස අවුරුදු 15ක් හා මාස 6කි. එහෙත් මේ වන විට ඇගේ වයස අවුරුදු 16යි. මාස දෙකකි. ලංකාවේ නීතියට අනුව තරුණියට 16ට අඩු වයසේදී පිරිමි පුද්ගලයෙකු සමඟ කැමැත්තෙන් ලිංගිකව එක් වුවත් එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. සිව්මස් ගැබිණියක් වන තරුණිය ලිංගිකව එක් දවස සෙවීමට දැන් උසාවියට සිදුව තිබේ. එසේම මෙම සිද්ධියේ ඇති මානුෂීය පැතිකඩ දෙස බැලීමට අධිකරණ විනිසුරුවරුන්ට සිදුව තිබේ. තරුණයාට දීර්ඝ කාලීන සිර දඬුවමක් දුනහොත් දරුවා උපත ලබද්දී පියා සිරගත කර තැබීම අතිශය අමානුෂීය කරුණකි.

මෙම තරුණයා ජපන් භාෂාව කතා කිරීමේ හැකියාව ඇති අයෙකි. ඔහු මෙරටදී ජපන් භාෂාව පිළිබඳ පන්තියකට ගොස් ඇති අතර එහිදී ජපන් භාෂාව හදාරා තිබේ. පසුව 2016-7-7 දින මොහු මෙරටින් ජපානය බලා ගොස් ඇත. ඒ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මතය. ජපානයට ගිය ඔහු ජපානයේ සයිටමා ප්‍රාන්තයේ තෝවාන් පාසලේදී වසරකට වැඩි කාලයක් අධ්‍යාපනය ලබා ඇති අතර පසුව ඉන් ඉවත්ව ජපන් මෑන් පවර් ආයතනයකට ඇතුළු වී සේවය කර තිබේ. එම ආයතනයේ හිමිකාරිය හා ඇගේ දියණිය සමඟ හිතවත් සිටි මොහු පසුව 2019 වසරේදී ජපන් දියණිය සමඟ පෙමින් වෙළී තිබේ.

දෙදෙනාගේ ප්‍රේම සබඳතාව ජපන් මව දැන ගැනීමත් සමඟ මුලින් ඇය ඊට එකඟ වුවත් පසුකාලීනව ඇය මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධ වී දියණියට එම සබඳතාව නතර කරන ලෙසට උපදෙස් දී ඇත. පසුව ඇයට පහරදී තිබේ.

මින් අපහසුතාවට පත් ඇය මේ බව ශ්‍රී ලාංකික පෙම්වතාට පැවැසීමෙන් අනතුරුව දෙදෙනා ගුවන් මඟින් මෙරටට පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේදී මොවුන් තානාපති කාර්යාල හා පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එහිදී ජපන් දියණිය නිලධාරීන්ට පවසා ඇත්තේ පෙම්වතා දමා පැමිණි නොහැකි බවකි. පසුව තානාපති නිලධාරිනියන්ගේ මැදිහත්වීම මත ජපන් තරුණිය හෝටලයක නතර කර ඇති අතර පසුව ශ්‍රී ලාංකික පෙම්වතා ඇය රැගෙන පලාගොස් මාස 7ක් තිස්සේම සැඟවී සිට ඇත. ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඉන් අනතුරුවය. ඒ වන විට ඇය සය මස් ගැබිනියකි.

මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රී නික සංජීව ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා ප්‍රමුඛ නිලධාරීන්ද ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් නිරංජලා (1270) මහත්මියද මේ පිළිබඳ විමර්ශන පවත්වති.

ප්‍රධාන සැකකාර තරුණයාට ආධාර අනුබල දුන් දෙදෙනා වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ චන්ද්‍රනාත් වීරසූරිය මහතා සහ නීතිඥ ශලනි ධම්මිකා මහත්මිය පෙනී සිටි අතර කොච්චිකඩේ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් නිලධාරි ජයන්ත වීරසිංහ (45557) මහතා පැමිණිල්ල මෙහෙයවිය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply