ලංකාවෙ ක්‍රිකට් පිරිහීම ගැන තිලංග සුමතිපාලට හරි දුකයිලු!

153
ලංකාවෙ ක්‍රිකට් පිරිහීම
Ads by AOL

ලංකාවෙ ක්‍රිකට් පිරිහීම ගැන තිලංග සුමතිපාලට හරි දුකයිලු!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වර්තමානයේ උදා වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වන බව

Ads by AOL
Sri Lankan Matrimony

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වර්තමානයේදී කිසිදු ජාතික සැළැස්මක් නොමැති බවත්,

මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී ඇති බවත් සුමතිපාල මහතා පෙන්වා දෙයි.

තමන් ක්‍රිකට් ආයතනය සම්බන්ධ වී කටයුතු කළ කාලසීමාවලදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සැළසුම් සකස් කර

ඒවා නිවැරදිව ක්‍රියාත්මක කළ බවයි සුමතිපාල මහතා පවසන්නේ. 1995 දී, 1998 දී, 2003 දී මෙන්ම

අවසන් වරට 2016 වසරේදී තමාගේ මැදිහත්වීමෙන් ජාතික සැළසුම් සකස් කළ බවත්,

කෙසේ නමුත් විවිධ ඇමතිවරුන් විසින් අතුරු පාලන කමිටු පත් කිරීම හරහා එම ජාතික සැළසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් ඔහු පවසයි.

ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 16 ක් ලබා ගන්නා තත්වයට නිර්මාණය කළේ තමා විසින් ආරම්භ කළ

‘පාත් වේ’ ජාතික සැළසුම හරහා බවත් පාසල් මට්ටමේ සිටම ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ජාතික මට්ටම දක්වා

ඔවුන් ගෙනඒමට තමාගේ වැඩපිළිවෙලට හැකි වූ බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ youtube නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.

චන්දික හතුරුසිංහ මහතා සහ අසංක ගුරුසිංහ මහතා මෙරටට රැගෙනවිත් වසර කිහිපයක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආරම්භ කළ නමුත්

එවක ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම් හේතුවෙන් එම වැඩපිළිවෙල කඩාකප්පල් වූ බව පෙන්වා දෙන සුමතිපාල මහතා පවසන්නේ,

එතැන් පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම අගාධයට ගිය බවයි.

වත්මන් තේරීම් කමිටුවේ සැළසුම් රහිත තීරණ හේතුවෙන් ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන්ගේ වෛරයට පාත්‍ර වී ඇති බවද ඔහු පවසයි.

මේ නිසා ක්‍රීඩකයන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩකයන් විවේචනය කරන තත්වයට,

ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවද තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙනවා.

ලංකාවෙ ක්‍රිකට් පිරිහීම ගැන තිලංග සුමතිපාලට හරි දුකයිලු!

සබැඳි : ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය කල් යයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply