දිලිත් ජයවීරගේ සංකල්පයක් අනුව නිර්මාණය කළ වීඩියෝවක් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ලංකාවේ කොරෝනා රෝගීන් හදිසියේම වැඩි වී තිබේ. සංචාරක අමාත්‍යංශය විසින් රුපියල් දෙකෝටි හතලිස් එක් ලක්ෂයක් (2,41,00000/=) වියදමකින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ.
විදේශ රටවල සිටින කොරෝනා රෝගීන්ට ලංකාවට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බවත් ලංකාවේ සෞඛ්‍ය පහසුකම් ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, කොරෝනා රෝගියෙකු සුවකර චීනයට පවා පිටත් කර හැරී බවත් පවසමින් විදේශිකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දිලිත් ජයවීර මහතාගේ ප්‍රචාරණ ආයතනය මගින් නිර්මාණය කළ වීඩියෝවක් සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය දින කිහිපයේ ප්‍රචාරය කර හරින ලදී.
එම ප්‍රචාරණ පටයේ සඳහන් වන්නේ ලංකාවෙන් හමු වූ චීන ජාතික කොරෝනා රෝගියාව සුවපත් කිරීමට ලංකාව සමත් වූ බවත් එම රෝගියා සුව වී දින 34ක් ගත වූ පසුත් එකදු රෝගියෙක්වත් වාර්තා වී නොමැති බවයි.
Leave a Reply