ලක්ෂ 10ක්වත් නොවටිනා මැණිකට ඩොලර් මිලියන 100ක් කීමත් අලි බොරුවක්ලු!

296
Ads by AOL

ලක්ෂ 10ක්වත් නොවටිනා මැණිකට ඩොලර් මිලියන 100ක් කීමත් අලි බොරුවක්ලු!

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන ඇති බව මව්රට පුවත්පත සදහන් කරයි.

Ads by AOL
Sri Lankan Matrimony

මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු අද (28) ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවත් අවම වශයෙන් ලක්ෂ 10ක වටිනාකමක් හෝ එහි තිබිය නොහැකි බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ.

කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් වර්ගයේ වර්ගයට විශාල මැණික් ගල් පොකුරක් මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු ඊයේ මාධ්‍යට ලබාදීමට බලධාරීන් කටයුතු කළේය.

මෙහි අවම වටිනාකම රුපියල් කෝටි දෙදහසකට අධික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසීය.

එහෙත් ක්ෂේත්‍රෙය් විශේඥයන් දෙදෙනකු අද ප්‍රකාශ කළේ එය එතරම් වටිනාකමක් එහි නොමැති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අප ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගෙන් විමසීය.

ඔහු පැවසුවේ මෙම වර්ගයේ දුර්ලභ මැණික් ලොව ප්‍රකට ධනකුවේරයන් තමන් සතු මැණික් එකතුව සඳහා මිලදී ගෙන තබාගන්නා බැවින් එම ඉල්ලුම මත ඊට ඉහළ වටිනාකමක් නියමකළ හැකි බවය.

සබැඳි: ලොකුම මැණික චීන වෙන්දේසියට.. 10% ක් ආණ්ඩුවට

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply